fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"වෙනස්ව හිතන්න බිය නොවන්න" - ජනපති පොහොට්ටු සංවත්සරයේදී කියයි

    “වෙනස්ව හිතන්න බිය නොවන්න” – ජනපති පොහොට්ටු සංවත්සරයේදී කියයි

    ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිබල ගන්වන දේශීය ආර්ථික රටාවක් වෙනුවෙන් අභියෝගාත්මක තීරණවලට රජය එළඹි සිටින්නේ සෞභාග්‍යමත් දේශයක් අපේක්ෂාවෙන් බවත් ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පක්ෂය දේශපාලන භාවිතාව තීරණාත්මක සාධකයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද පැවැති පස්වැනි සංවත්සර සැමරුම නෙළුම් පොකුණ රඟහලේදී පැවති අතර එහිදී ජනාධිපතිවරයාගේ පටිගත කරන ලද පණිවුඩය විකාශය කළේය.

    පොදුජන පෙරමුණේ සංවත්සර සැමරුම වෙනුවෙන් ජනාධිපතිවරයාගෙ පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් විය.

    “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ රටේ දේශපාලන පක්ෂයක් ලෙස ඉතාම කෙටි කාලයකින් ඉහළම ජයග්‍රහණය ලබා අද සිය පස් වසරක ගමන් මග සමරනවා. ඒ වෙනුවෙන් නායකත්වය ගත් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමාට වගේම පක්ෂයේ සියළුම නිළධාරීන්ටත් සාමාජික සාමාජිකාවන්ටත් ප්‍රථමයෙන්ම මගේ සුභ පැතුම් පිරිනමනවා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ යුගයේ අවශ්‍යතාවයක් මහජන අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමේ පරමාභිලාශයෙන්. අද ඒ සතුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අප සියලු දෙනාටම දැඩිව දැනෙන බව මම විශ්වාස කරනවා. විජාතික බලවේග එක්ව 2015දී ජාතිකවාදී ආණ්ඩුවක් මේ රටට අහිමි කළා. යහපාලනය වෙනුවෙන් පෙනී සිටින බව ජනතාවට කිව්ව ආණ්ඩුව රටකට පැවැත්මේ මූලිකම අවශ්‍යතාවය වන ජාතික ආරක්ෂාව සැලසුම් සහගතව බිඳදැමුවා. බුද්ධි අංශ අකර්්මණ්‍ය කළා. රට නිදහස් කර දුන් රණවිරුවන් ජාත්‍යන්තරය හමුවේ පාවාදුන්නා. බොහෝ රණවිරුවෝ සිරගත කළා සමහරුන්ට මරණ දණ්ඩනය නියම කළ බවත් අප අමතක කළයුතු නෑ. මේ ව්‍යසනකාරී පාලනයට එරෙහිව හඬ නැගූ භික්ෂූන් වහන්සේ ඇතුළු මහ සංඝයාට සිරගෙය උරුම කළා. අන්තවාදී ආගමික කල්ලි පෝෂණයට පරිසරය හැදුවා විතරක් නෙවෙයි ආගමික අන්තවාදයට රට විවෘත කළා.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට දායාද කළ හම්බන්තොට වරාය ඇතුළු ජාතික සම්පත් විජාතික බලවතුන්ට පවරා දෙන්නට කටයුතු කළා. රටේ ප්‍රධාන මුල්‍ය ආයතනය වන මහ බැංකුව කොල්ලකෑමෙන් ජාතික ආර්ථිකයට එල්ලවූ මරු පහරින් අදටත් මේ රට පීඩාවිඳිනවා. රටේ ජනතාවගේ ජීවන වියදම දෙගුණ තෙගුණ කළේ ඔවුන්. රටේ සංවර්ධනය අඩපණ නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමූ ආකාරය ආර්ථික විශේෂඥයන් පවා අපේ සංස්කෘතියේ ආර්ථිකයේ ජීවමය පදනමක් කෘෂිකර්මාන්තය අනතුරට ගෙනත් දැමුවා. රටේ සංස්කෘතික වටිනාකම් නොසලකා හැරීම නිසා රට දිනෙන් දින සියලුම අංශයන්ගේ ප්‍රපාතයට ගමන් කළා. නීතිය වෙනුවට පලිගැනීම අවලාද සමාජගත කළා. ඔවුන්ගේ මතයට හිස නොනැමූ අයට අසාධාරණ ලෙස පහර දුන්නා. රාජ්‍ය සේවකයා අනිසි ලෙස බියකින් හිරකරලා සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම අඩපණ කළා. දේශපාලන විරුද්ධවාදීන්ට දඬුවම් දීම වෙනුවෙන් FCID වැනි විවිධ ආයතන ඇතිකළේ නීතියට පටහැනිවයි.

    අසාධාරණ ලෙස සමාජය පීඩාවට පත්කරන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා ජනසම්මතවාදී ව බිහිවුණා. නැවුම් දේශපාලන පක්ෂයක් විදිහට මහජන මතය ඉතා නිවැරදිව ග්‍රහණය කර ගැනීම නිසා විශාල ජනමතයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ගොඩනැගුණු බව අපි දැක්කා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා මාස 15 වැනි කාලයකදී මුහුණ දුන් පළමු ඡන්දයෙන් අපි විශාල ජනමතයක් ජයක් හිමිකරගත්තා. අලුත් මහජන මතය හඳුනාගැනීමේ හැරවුම් ලක්ශය වුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා අත්කර දුන් ජයග්‍රහණය බව අපි පිළිගත යුතුයි. ජනාධිපති අපේක්ෂකයා හැටියට මාව තෝරා ගැනීමට පක්ෂයේ ඒකමතිකව කටයුතු කලා. ඉතිහාසයේ ජනාධිපතිවරණයට වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් පරාජයට පත්කර පොදුජන යුගයේ ආරම්භය වෙනුවෙන් ගමක් නගරයක් පාසා ඔබ සාමාජිකයන් සාමූහිකව අත්වැල් බැඳගත්තා.

    ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් වූ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්තිය සම්මුතිවාදී විජයග්‍රහණය කළේ ඔබගේ අධිෂ්ඨානයත් කැපවීමත් සමඟයි. මහ මැතිවරණය වෙනුවෙන් සහෝදර පක්ෂ ඒකරාශී කරගනිමින් රට ලැබු ජය විජයග්‍රහන්‍යක් කරා ගෙනයන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළා. තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට පොදුජන පෙරමුන කළ මෙහෙවර ඓතිහාසිකයි. කොවිඩ් වසංගතය හමුවේ රට අකර්මාන්ය වෙද්දි රට සුරකින පක්ෂ ජාතික කාර්යභාරයට ඔබ යුහුසුළුව උරදුන්නා. රාජ්‍ය ප්‍රතිපත්ති සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ සාමාජික සාමාජිකාවන් එක පවුලක් වගේ කටයුතු කළා. රට මේ ව්‍යසනය හමුවේ ලබාගෙන ඇති ජයග්‍රහණවල ඔබත් ප්‍රධාන කොටස් කරුවෙක් බව මේ මොහොතේ සිහිපත් කරන්න කැමතියි.

    මේ රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම් වුණේ යහපාලන රජය බිඳ දැමූ ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙසයි. සමස්ත ආරක්ෂක පද්ධතියම ප්‍රතිසංවිධානය කර මෙහෙයවීමට සුදුසුකම් සහිත පුද්ගලයන්ට භාර දී පැවැති අවිශ්වාසයත් අපේක්ෂාභංගත්වයත් අපි අද තුරන් කළා. සාධාරණ සහ යුක්ති ගරුක විවේචනයන්ට අද මේ රට විවෘතයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය උවදුර වගේම ඒ හා බැඳුණු පාතාලය මර්දනය වෙලා තිබෙනවා. රාජ්‍ය සේවය ගුණාත්මක කළා වගේම උපාධිධාරින් 60000ක් රාජ්‍ය සේවයට බඳවාගෙන රටේ බුද්ධිමය කුසලතාවට රට නැංවීමට ඉඩ සැලසුවා. දරිද්‍රතාවයෙන් පෙළුණු නිපුණතාව සහිත තරුණ තරුණියන් ලක්ෂයකට අද රැකියා අවස්ථා ලබා දීම ආරම්භ වෙලා තිබෙනවා.

    හරිත කෘෂිකර්මාන්තය ඉලක්ක කරගෙන කාබනික ගොවිතැනට මාරුවීමේ අසීරු තීන්දුව සමස්ත අනාගත පරපුර වෙනුවෙන් අරගෙන තිබෙනවා. පරිසරය ගහකොළ සතා සීපාවා වනසමින් මිනිසුන් රෝගීන් කළ රසායනික ගොවිතැන වෙනුවට හරිත කෘෂිකර්මාන්ත ප්‍රවේශය ‍රටේ ඓතිහාසික තීන්දුවක් බවට පත් කරන්න ඔබ සැදී පැහැදී සිටින බව මම දන්නවා. ඒ වගේම ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිබල ගන්වන දේශීය ආර්ථික රටාවක් වෙනුවෙන් අභියෝගාත්මක තීරණවලට එළඹිලා සිටින්නේ සෞභාග්‍යමත් දේශයක් අපේක්ෂාවෙන්. ඒ සඳහා ඔබ පක්ෂය දේශපාලන භාවිතාව තීරණාත්මක සාධකයක් බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නෑ. ඔබ පැතු ඔබ සිතන මේ රට නැවතත් ගොඩ නැගෙන විට එහි අභිමානය ඔබ කළ කැප කිරීම්වල ප්‍රතිඵලයක්.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දර්ශනය පැහැදිලියි. එනිසාම අරමුණ ඉලක්කගතයි. ඔබ පක්ෂය දිනෙන් දින ජාතික අභිලාෂයන් වෙනුවෙන් ඉටු කරන මෙහෙවර ප්‍රතිඵල රට හමුවේ දකින්න ලැබෙනවා. “වෙනස්ව හිතන්න බිය නොවන්න” ඔබේ පක්ෂයේ ආදර්ශ පාඨය තුළින් ඔබ ඒකීය රටක් සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් ඉතිහාසයේ මැකිය නොහැකි අගනා කාර්යභාරයක් මේ වන විටත් ඉටුකරමින් සිටිනවා. ඔබේ අභිමානය වගේම ඔබ පක්ෂය වටිනාකමක් එයයි. ජාතික අපේක්ෂාව හඳුනා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනෙන් දින තබන පියවර සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සෞභාග්‍යවත් රටක් සුවබර අනාගතයක්!” යැයි ද ජනාධිපතිවරයා කීය.

    සබැඳි පුවත්
    පොහොට්ටුවට පහයි (live)

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.