fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ නොදෙන බව පොලිස් ඇමති කියයි

    පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ නොදෙන බව පොලිස් ඇමති කියයි

    කාදිනල්තුමා කතෝලික ජනතාව නියෝජනය කරන බැවින් උන්වහන්සේ වරින්වර කරන අදහස් දැක්වීම් පිළිගැනීමට හැකිබවත් කොපමණ කාලයක් ගතවූවත් පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට මෙම රජය පවතින තාක්කල් නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ නොදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරිලා ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කරයි.

    මාළඹේ නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවීීමෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් හමුවේ අද ඇමතිවරයා එසේ පැවැසීය.

    “අපි දන්නවා 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළද මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කල මහ මොළකරු ෂෙක් මොහොමඩ්ට විරුද්ධව නඩු පැවරුවේ අවුරුදු විස්සකට පසුව. ඒ වගේම 2015දී ප්‍රංශයේ ප්‍රහාරයක් එල්ල උනා. ඒ ත්‍රස්තවාදීන්ට විරුද්ධ ව නඩු දැම්මේ අවුරුදු හතකට පස්සේ. පොලීසිය පැත්තෙන් අපි ගත්තොත් පොලීසිය මගින් කරන්න තියෙන රාජකාරි සියල්ලක්ම බොහෝ දුරට කර අවසන්. නමුත් පාස්තු ප්‍රහාරය සමිබන්ධව තවමත් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතිනවා. “ යැයිද සරත් වීරසේකර ඇමතිවරයා එහිිදී සදහන් කළේය.

    “අද වෙනකොට තිස්දෙදෙනෙක්ට මහාධිකරණ පහක නඩු විභාග වෙනවා. ඒ වගෙම තමයි ප්‍රධාන අය නවුෆර් මවුලවි, ජෆූර් මාමා යන ප්‍රධාන විසිහතර දෙදෙනකුට අධිචෝදනා ගොනුකර තියෙනවා. නීතිපතිතුමා ඉක්මනින් ඒ නඩු විභාග කලයුතු නිසා ඒ සදහා මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරැ මඩුල්ලක් පත්කර අදාළ කටයුතූ කරගෙන යනවා. මෙි මස සිට නොකඩවා එම නඩු විභාග සිදු කෙරෙනවා. ඒ වගෙම තමයි අපි ඇත්ත වශයෙන් ම සන්තෝස වෙන්න ඕනේ මේ අවුරුදු දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුල මේ වගේ විශාලකාර්යයභාර්යයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර නීතිපතිට නඩු පැවරීම සදහා උද්ධෘත ගොනු ඉදිරිපත් කිරීම ගැන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුරකතන ඇමතුම් 112,000 පමන විශ්ලේෂණය කළා. චෝදනා 23700 ක් අද ගොනුකරලා තියෙනවා. ඒ වගේම තමයි මේ පිළිබදව වාර්තා හතරක් තියෙනවා. එකක් තමයි පාර්ලිමේන්තු කාරක සභාව , පාර්ලිමේන්තු ආංශික කාරක සභාව, ජනාධිපති කොමිසම සහ අපරාධ විමර්ශනය. මේ සියලු දේවල් නීතිපතිතුමා විශ්ලේෂණය කරන්න ඕනේ. මොකද සාක්ෂිවල පරස්පරයක් තිබ්බොත් එය සැකකරුවන්ට නිදහස්වෙලා යන්න අවස්ථාවක් වෙන නිසා තමයි කල් ගන්නේ. කොච්චර කල්ගත්තත් අපේ මේ රජය තියෙන තාක් කල් අපි මේ අපරාධකරුවන් ට නිදැල්ලේ හැසිරෙන්න ඉඩ දෙන්නේ නැහැ“ යැයිද ඇමතිවරයා වැඩිදුරටතත් සදහන් කළේය.

    හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ඇතූලු පිරිසත් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.