fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දියනෑමට ගිය දරුවන් දෙදෙනා වැවේ ගිලී මරුට

    දියනෑමට ගිය දරුවන් දෙදෙනා වැවේ ගිලී මරුට

    දඹගල්ල උඩුමුල්ලේ කහටගහපිටිය වැවේ දිය නාමිනි සිටි 14 වියැති දරුවන් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබේ.

    එම දරුවන් දෙදෙනා මිතුරන් බව දඹගල්ල පොලීසිය සදහන් කරයි.

    ඒ එක් දරුවෙකුගේ මවක් සමග දරුවන් දෙදෙනා දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔවුන් ගැඹුරට පිහිණිමට ගොස් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

    මිය ගිය දරුවන් දෙදෙනා දඹගල්ල කොල්ලාදෙනියේ පදිංචිකරුවන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.