fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදහස්

    දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදහස්

    2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 ක මුදලක් වැය කර ජී.අයි.බට මිලදී ගෙන ප්‍රාදේශීය සභාවලට ලබාදීමේ සිද්ධියට අදාළ නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක නිදහස් කර තිබේ.

    ඒ එම නඩුවට අදාළ චෝදනා පත්‍ර නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.

    අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා මෙම නියෝගය ලබාදී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.