fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිලින්ද මොරගොඩගේ අක්තපත්‍ර බාරනොගත් බව කියන වාර්තා බොරු - ඉන්දීය රජය

    මිලින්ද මොරගොඩගේ අක්තපත්‍ර බාරනොගත් බව කියන වාර්තා බොරු – ඉන්දීය රජය

    ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩගේ ‘අක්තපත්‍ර’ එරට රජය විසින් භාර නොගැනීම පිළිබඳ පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මේ දිනවල ඇතැම් මාාධ්‍ය විසින් මිලින්ද මොරගොඩ මහතාගේ අක්තපත්‍ර භාරගැනීම ඉන්දීය රජය පිළිනොගත් බවට වාර්තා කර තිබෙනු දක්නට ලැබුණු බැවින් එහි සත්‍යතාවක් නොමැති බවට මෙම නිවේදනය නිකුත් කරන බව ද එම කාර්යාලය සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.