fbpx
තවත්
    මුල් පිටුවspecialමඳ පවනින් විදුලිය නිපදවන බැක්ටීරියා

    මඳ පවනින් විදුලිය නිපදවන බැක්ටීරියා

    ලොවට විදුලිය හඳුන්වා දුන් දා පටන් අද වන විට එය අපහට නැතිවම බැරි දෙයක් බවට පත් වී ඇත. ඒ අප එදිනෙදා භාවිතා කරන බොහෝමයක් උපකරණ විදුලිය භාවිතයෙන් ක්‍රියාත්මක වන බැවිනි. විදුලිය නිපදවන ජීවීන් පිළිබඳව අනාදිමත් කාලයක සිට පර්යේෂණ සිදු කර ඇති අතර නයිල් නදියේ ජීවත්වූ විදුලිය නිපදවන මත්ස්‍ය විශේෂයක් පිළිබඳව පුරාණ ඊජිප්තු වාර්තාවල සඳහන් වේ.

    වර්තමානය වනවිට විදුලිය නිපදවීම සඳහා යොදාගනු ලබන බලශක්ති ප්‍රභවයන් පිළිබඳවද දැඩිලෙස විවේචන එල්ල වන්නේ ඒ මගින් පරිසරයට ඇති කරන අහිතකර බලපෑම් හේතුවෙනි. මේ නිසා විදුලිය නිපදවීම සඳහා පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීම පිළිබඳව සමස්ත ලෝකයම වර්තමානයේදී දැඩිලෙස අවධානය යොමුකර ඇත.

    සාමාන්‍යය වාතයෙන් විදුලිය නිෂ්පාදනය කළහැකි යැයි කිවහොත් බොහෝ විට එය විහිළුවක් හෝ විද්‍යා ප්‍රබන්ධයකැයි බොහෝ දෙනා පවසනු නොඅනුමානය. නමුත් වාතයේ තෙතමනය ඇති විට (Moisture), නැනෝ තාක්ෂණය සහ වර්ධනය වන බැක්ටීරියාවන් උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ විශ්මයජනක නව තාක්ෂණික ක්‍රමවේදයක් විද්‍යාඥයින් පිරිසක් විසින් සාර්ථකව එළිදැක්වූ බව විදෙස් මාධ්‍ය මගින් පසුගියදා වාර්තා කර තිබුණි. එනම්, බැක්ටීරියාවන්ගෙන් ඉවතට ඉලෙක්ට්‍රෝන රැගෙනයන, අවට වාතයෙන් ජලවාෂ්ප උරාගන්නා පටලයක් ලෙස සකසා ගත් මෙම ඉතාමත්ම සිහින් නැනෝ කම්බි (ප්‍රෝටීන තන්තු) වලට LED බල්බයක් (Light Emitting Diode) දැල්වීමට තරම් විදුලිය නිපදවීමට හැකිවීමයි. මෙම නැනෝ තන්තු ක්‍රියා කරන ආකාරය පිළිබදව තවදුරටත් පර්යේෂණ සිදු කෙරෙමින් පවතින බව පැවසෙන අතර මෙවැනි ඒකක 17ක් එකිනෙකට සම්බන්ධ කිරීමෙන් වෝල්ට් 10ක ප්‍රමාණයේ (එනම් ජංගම දුරකථනයක් බලගැන්වීමට තරම් ප්‍රමාණවත් තරමක), විදුලිය උත්පාදනය කළහැකි බවට වාර්තා වේ.

    ඉලෙක්ට්‍රෝන සන්නයනය කරනු ලබන බැක්ටීරියාවල (Electron-conducting bacteria) ක්‍රියාකාරීත්වය පිළිබඳව තවමත් අධ්‍යයනයන් සිදුකරමින් පවතින අතර මේ පිළිබඳව හරියාකාර දැනුම තවමත් අභිරහසක් බව පැවසේ. මීට වසර 15කට පමණ පෙර, Geobacter ලෙස නම්කරන ලද බැක්ටීරියාවක් හට, කාබනික ද්‍රව්‍යයක සිට අයන් ඔක්සයිඩ් වැනි ලෝහමය සංයෝගයකට ඉලෙක්ට්‍රෝන ගමන් කරවිය හැකි බව මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ ඩෙරෙක් ලෝලි ඇතුළු විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගන්නා ලදී. එතැන් පටන් මෙම ක්ෂේත්‍රය පිළිබඳව බොහෝ වියතුන් විසින් පර්යේෂණ සිදුකරන ලද අතර එමගින් තවත් බැක්ටීරියා වර්ග විසින් වෙනත් බැක්ටීරියාවන්ට සහ තම පරිසරයේ ඇති අවසාධිතවලට (Sediments) ඉලෙක්ට්‍රෝන ගමන් කරවීම සඳහා ප්‍රෝටීන නැනෝ තන්තු නිපදවන බව සොයා ගන්නා ලදී. මෙම කටයුත්තේදී විදුලිය උත්පාදනය වන අතර මෙසේ ජනනය වන විදුලිය සුපිරිසිදු බලශක්ති ප්‍රභවයක් ලෙස ලබාගැනීමට කාලාන්තරයක් තිස්සේ පර්යේෂණ සිදු කරන ලදී.

    කෙසේවෙතත් පරිසර හිතකාමී කාර්යක්ෂම බලශක්ති ප්‍රභවයන් පිළිබඳ ව සිදුකෙරෙනු, ලබන පර්යේෂණ වල සීඝ්‍ර ප්‍රගතියක් මෑතකාලීනව දක්නට ලැබීම කාගේත් සතුටට හේතුවන කරුණකි. මෙය මානව සංහතිය වෙනුවෙන් තබන දැවැන්ත පියවරක් ලෙස ඉතිහාස ගතවනු නොඅනුමානය.

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මංජුල ද සිල්වා

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    මංජුල ද සිල්වා
    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.