තවත්

    අවුරුදු දින දෙකේ රියදුරන් 2800කට නඩු – 30ක් මරුට

    0

    මෙරට රිය අනතුරු වැඩියෙන්ම සිදුවන අප්‍රේල් 14 සහ 15 යන දින දෙකතුළ මෙවරත් රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙක් මිය ගොස් තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කරනු ලැබුවේ ඊයේ (16) අලුයම 6.00 අවසන් වූ පැය 24ක කාලය තුළ පමණක් රිය අනතුරුවලින් පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති බවය. අප්‍රේල් 14 වන දින රිය අනතුරුවලින් සිදුවූ මරණ ගණන 14 කි.

    ඒ අනුව අද (16) අලුයම 6.00 න් අවසන් වූ පැය 48 තුළ රිය අනතුරුවලින් ජීවිත 30ක් පමණ අහිමිව ඇති බවත් ඉන් 12 දෙනෙකුම යතුරුපැදිකරුවන් වන බවත් අජිත් රෝහන මහතා කීය.

    රිය අනතුරු පාලනය කිරීම සදහා ගෙවී ගිය දින කිහිපය තුළ පොලීසිය මහ මග නිරන්තරයෙන් රැදී සිටිමින් මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුමක්ද දියත් කළ බව අජිත් රෝහන මහතා පැවැසීය.
    ඒ අනුව අප්‍රේල් 14 සහ 15 යන දින දෙක තුළදීී පමණක් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 2844 දෙනෙක්ට එරෙහිව නඩු ලබාගගෙන ඇතැයිද අජිත් රෝහන මහතා සදහන් කළේය.

    එම කාලය තුළ බීමත් රියදුරන් 783 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අය අතර යතුරුපැදිකරුවන් 534 දෙනෙක්, මෝටර් රථ රියදුරන් 433 දෙනෙක්, ත්‍රි රෝද රථ රියදුරන් 180 දෙනෙක්, බස් රථ රියදුරන් 02 දෙනෙක්, ඩබල්කැබ් රියදුරන් 11 දෙනෙක්, ලොරි රථ රියදුරන් 10 දෙනෙක් සහ වෙනත් රථ රියදුරන් 03 දෙනෙක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    රුපියල ශක්තිමත්වේ

    0

    ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පහල වැටෙමි තිබුණු ශ්‍රී ලංකා රුපියලේ අගය අද (16) ඉහළ ගියේය.

    ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඊයේ (15) දින රුපියලේ අගය වාර්තා වූයේ රුපියල් 204.62 ක් ලෙසිණි. මෙරට ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ රුපියලේ අවම අගය වන්නේ එයයි.

    ශ්‍රී ලංකා මහා බැංකුව සදහන් කරන්නේ අද (16) රුපියලේ විකුණුම් මිල 201.28 ක් ලෙස සටහන් වූ බවය. ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 195.72 ක් ලෙසිණි.

    චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) මෙරටට ලබා දෙන ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ණය මුදල මෙරටට ලැබීමත් සමග ශ්‍රී ලංකා රුපියල මෙලෙස අධිප්‍රමාණ වී තිබෙන බව ආර්ථික විිශේෂඥයන් සදහන් කරයි.

    දේශපාලන පක්ෂ 6ක් තාවකාලිකව අත්හිටුවයි

    0
    Election commission

    මෙරට දේශපාලන පක්ෂ හයක ක්‍රියාකාරිත්වය තාවකාලිකව අක්‍රිය කිරීමට මැතිවරණ කොමිෂන්‌ සභාව තීරණය කර තිබේ.

    ඒ එම පක්ෂවල ලේකම්‌, සභාපති ධුර
    ඇතුලු තනතුරු සඳහා පුද්ගලයින්‌ කිහිපදෙනෙකු ඉදිරිපත්වීම හමුවේ ගැටළු මතුවීම හේතුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවී ඇති බැවිනි.

    ඒ අනුව අධිකරණ කටයුතු අවසන්‌ වනතුරු එම පක්ෂවලට මැතිවරණවලට ඉදිරිපත්‌ වීමේ අවස්ථාවද හිමි නොවේ.

    වැලි ජාවාරම්කරුවන් පේදුරුතුඩුවේ දී අදත් පොලිස් නිලධාරීන් යටකරන්න හදලා – STF වෙඩිතැබීමක්

    0

    පේදුරුතුඩුව ප්‍රදේශයේ වැලි නිධිය පිහිටි ප්‍රදේශයේ සිට ආ කැබ් රථයක් විශේෂ කාර්ය බලකායේ සංඥා නොතකා මාර්ග බාධකය හරහා ගොස් ඉදිරියේ සිටි නිලධාරීන් යටකරගෙන යාමට උත්සාහ කිරීමේ දී වෙඩිතැබීමක් සිදුව තිබේ.

    අද උදෑසන මෙම සිද්ධිය වී ඇති අතර අණ නොතකා මාර්ග බාධකය පසුකරගෙන යාමේදී ඇණ ලෑලි සහිත බාධක දෙකක් කැබ් රථය ඉදිරියට යෙදුවද ඒවා ද පසු කරමින් වාහනයේ ටයර්වල හුලං නොමැති අවස්ථාවේදී පවා එම කැබ් රථය ඔවුන් ඉදිරියට ධාවනය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති වරයා කීය.

    එම කැබ් රථය මාර්ග බාදකයට ඉදිරියෙන් සිටි නිලධාරීන් යටකරගෙන යාමට තැත්කර තිබෙන අවස්ථාවේදී නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම අජිත් රෝහන මහතා පැවසීය.

    කෙසේ වෙතත් මෙම කැබ් රථය නොනවත්වා ම නොනවත්වාම දිගටම ධාවනය කර තිබේ.

    පසුව කැබ් රථයේ සිටි බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙක් පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර ඇත .

    ඔවුන් ගේ වෙඩි වැදීම් තුවාල ඇති බවට වාර්තා වී ඇතැයි අජිත් රෝහණ මහතා කීය.

    මේ පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 23 සහ 26ක අයවලුන් බවට වාර්තා වී ඇත.

    මේ පිළිබඳ පේදුරුතුඩුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    මෙම කැබ් රථය සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

    එම මාර්ග බාධකයේ විශේෂ කාර්ය බලකා නිළධාරින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති වරයා කීය .

    යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පිහිටි ස්වභාවික වැල නිධියක් ආරක්ෂා කිරීම සඳහා පවත්වාගෙන යන මාර්ග බාධකයෙදී

    මෙම වැල නිධියෙන් විවිධ පුද්ගලයන් විසින් නිරන්තරයෙන් අනවසර වැලි ගෙන යන බවට පොලීසියට මීට පෙර වාර්තා වී ඇත.

    ඒ අනුව මෙම මාර්ග බාධකය යොදන ලද්දේ එම වැල නිධිය ආරක්ෂා කිරීම සඳහා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

    මීට පෙරද මෙම වැලි නිධිය අනවසරයෙන් රැගෙන යාමට ආ ටිපර් රථයක් එම මාර්ග බාධකයේ බාධකයේ සේවයේ සිටි නිලධාරීන් යට කරගෙන ගොස් ජීවිත හානි සිදුකළ සිද්ධියක් වාර්තා විය.

    දෙමළ තරුණ තරුණියෝ 1600ක් යුද හමුදාවට

    0

    යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 1600 දෙනකු පමණ යුද හමුදාවට පසුගිය මාස තුනේදී බඳවා ගෙන තිබේ.

    යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසුවේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති අලුත් අවුරුදු උත්සව අවස්ථාවට එක් වෙමිනි.

    තවමත් බෙදුම්වාදි මත දරන විවිධ පුද්ගලයන් හා කණ්ඩායම්වල බලපෑම් එල්ලවෙමින් තිබේ.

    එසේ තිබියදී පවා යාපන අර්ධද්වීපයෙන් මේ ආකාරයට දෙමළ තරුණ තරුණියන් යුද හමුදාවට ආධුනිකයන් වශයෙන් ඉදිරිපත් විම අප ලැබූ ජයග්‍රහණයක් බව ද හෙතෙම අවධාරණය කළේය.

    තවත් අන්තවාදී සංවිධාන කිහිපයක් තහනමට සැරසේ

    0
    CORRECTION / TOPSHOT - An image grab taken from a press release issued on April 23, 2019 by the Islamic State (IS) group's propaganda agency Amaq, allegedly shows eight men it said carried out a string of deadly suicide bomb blasts on Easter Sunday in Sri Lanka, lined up at an undisclosed location. The man in the centre is believed to be Zahran Hashim, who was identified by the Sri Lankan police as the leader of the Islamist National Thowheeth Jama'ath (NTJ) group, which Colombo has blamed for the attacks. The Islamic State group claimed a series of bombings on churches and luxury hotels in Sri Lanka that killed more than 320 people on April 21, and released the photo of the men it said were behind the "blessed attack", describing them as "fighters" from the terror network. The massive casualty toll would make the Easter attacks the deadliest overseas operation claimed by IS since the group proclaimed its worldwide caliphate in mid-2014. - THIS PICTURE WAS MADE AVAILABLE BY A THIRD PARTY. AFP CAN NOT INDEPENDENTLY VERIFY THE AUTHENTICITY, LOCATION, DATE AND CONTENT OF THIS IMAGE. THIS PHOTO IS DISTRIBUTED EXACTLY AS RECEIVED BY AFP. / AFP / AAMAQ NEWS AGENCY / HO / THIS PICTURE WAS MADE AVAILABLE BY A THIRD PARTY. AFP CAN NOT INDEPENDENTLY VERIFY THE AUTHENTICITY, LOCATION, DATE AND CONTENT OF THIS IMAGE. THIS PHOTO IS DISTRIBUTED EXACTLY AS RECEIVED BY AFP.

    ඉදිරියේදී තවත්‌ අන්තවාදී සංවිධාන කිහිපයක්‌ තහනම්‌ කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර්‌ අද්මිරාල්‌ ආචාර්ය සරත්‌ වීරසේකර පවසයි.

    කොළඹ ඊයේ පැවති උත්සවයකින්‌ අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්වමින්‌ ඔහු මේ බව කියා සිටියේය.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තවාදයට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11ක්‌ තහනම්‌ කරමින්‌ අතිවිශේෂ ගැසට්‌ පත්‍රයක්‌ පෙරේදා නිකුත්‌ කෙරිණ.

    එලෙස‌ තහනම්‌ කරන ලද ඉස්ලාමීය
    සංවිධාන එකොලහේ සාමාජිකයින්‌ මේ වනවිට මුස්ලිම්‌ පල්ලිවල භාරකාර මණ්ඩලවල සාමාජිකත්වය දරන්නේ නම්‌
    ඔවුන්ට වහාම එම ධුරවලින්‌ ඉවත්‌ වන ලෙස වකුෆ්‌ සභාව දැනුම්‌ දී ඇත.

    මුස්ලිම්‌ ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බී.එම්‌. අශ්රෆ්‌ සඳහන්‌ කළේ ඊයේ පැවති වකුෆ්‌ සභා රැස්වීමේදී මෙම තීරණයට එළඹි
    බවය.

    එක්සත්‌ තව්හිද්‌ ජමාත්‌, සිලෝන්‌ තව්හිද්‌ ජමාත්‌, ශ්‍රී ලංකා තව්හිද්‌ ජමාත්‌, සමස්ත ලංකා තව්හිද්‌ ජමාත්‌, ජමියතුල්‌ අන්සාරි සුන්නතුල්‌ මොහොමදියා, දාරුල්‌ අදර්‌ හෙවත්‌ ජමිඋල්‌ අදර්‌ මොස්ක්‌, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ඉරාක සහ සිරියානු ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය , අල්කයිඩා, සේව්‌ ද පර්ල්‌ සහ සුපර්‌ මුස්ලිම්‌ යන සංවිධාන මෙලෙස තහනම්‌ කෙරිණි.

    ඉන්දියාවට පිහිනා වාර්තා තැබූ රොෂාන්ට උසස්වීමක්

    0

    තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරමට පැමිණෙමින් නව ආසියානු වාර්තාවක් තැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දර මහතා නායක ගුවන්භට නිලයේ සිට කෝප්‍රල් තනතුර දක්වා උසස්කර තිබේ.

    ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් අද (15) එම උසස්වීම ගුවන් හමුදා මූලස්ථානයේදී ඔහුට පිරිනමා ඇත. ඒ ඔහු දැක්වූ දක්ෂතාවය වෙනුවෙනි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දර මහතා එම පිහිනුම් වාර්තාව පිහිටුවීමට සමත් වන්නේ පසුගිය 11 වෙනිදාය.

    ගම්පහින් අවුරුදු නෑගම් ගිය පිරිස රැගත් වෑන් රථය ප්‍රපාතයට

    0

    ගම්පහ සිට අවුරුදු නෑගම් යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් කන්දකැටිය බෝපිටිය ප්‍රදේශයේදී අද (15) සවස ප්‍රපාතයකට පෙරළීමෙන් එක් අයෙක් මියගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇත.

    තුවාලකරුවන් අතර කුඩා දරුවන් පස් දෙනක් සිටින බව කන්දකැටිය රෝහල් තොරතුරු සදහන් කළේය.

    තුවාලකරුවන් මුලින්ම ඇතුලත්කර ඇත්තේ කන්දකැටිය රෝහලටය. මූලික ප්‍රතිකාරවලින් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඔවුන් මහියංගන මුලික රෝහලටත් ඇතුළත්කර තිබේ.

    අන්තර්ජාලයෙන් බොරු කීවොත් හිරේ යවන්න නීති සැකසේ

    0

    අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කරයි.

    එසේම ජාතීන් අතර සංහිදියාවට බලපෑම් කරන අන්තවාදයට සහ ත්‍රස්තවාදයට අනුබල දෙන ප්‍රකාශ සිදුකරන පුද්ගලයින්ට දඩුවම් ලබාදීමට සදහාද දණ්ඩනීති සංග්‍රහයේ සංශේධන සිදුවන බවද ඔහු කීය.

    ඒ අනුව දැනට පවතින නීතිය ඉක්මනින්ම සංශෝධනය කිරීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටක් සදහන් කළේය.

    කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පොලිස් ස්ථානවල පැල 1000 සිටුවීමේ වැඩසටහනක සමාරම්භක උත්සවයයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවෙමින් අද (15) සවස මුල්ලේරියාව පොලිස් ස්ථානයේදී මාධ්‍යෙව්දීන් හමුවේ ඇමතිවරයා ඒ බව සදහන් කළේය. පොලිස් ස්ථානවල පැල සිටුුවීමේ වැඩසටහන බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකි.

    කොවිඩ් රෝගීන්ට ඇතිවන රුධිර කැටිගැසීම ඇස්ට්‍රාසෙනෙකා එන්නත දුන් පසු 8 ගුණයකින් ඉහළට

    0
    vaccine

    කොවිඩ් ආසාදනය වූ රෝගියකුට ඇතිවන රුධිර කැටි ඇතිවීමේ අවදානම ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීමෙන් පසු 8 ගුණයකින් ඉහළ යන බව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වෙයි.

    COVID-19 රෝගීන් මිලියනයකින් 39 දෙනෙකුට Cerebral venous thrombosis (සීවීටී) යන රුධිර කැටිගැසීමේ තත්ත්වයක් ඇති වී තිබේ.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දුන් මිලියනයකට පස් දෙනෙකුට පමණ මෙම තත්ත්වය ඇතිවූ බව එම වාර්තාව කියයි.

    කොවිඩ්-19 ආසාදනයෙන් පසු ඇතිවන මෙම අවදානම, සාමාන්‍යයෙන් මෙම තත්ත්වය ඇතිවීමට වඩා 100 ගුණයකින් වැඩි බව කොරොන වයිරස් රෝගීන් 500,000 කට අධික සංඛ්‍යාවක් අධ්‍යයනය කිරීමෙන් හෙළි වී ඇත.

    කෙසේ වෙතත්, COVID-19 ආසාදනය වූ 30 ට අඩු පුද්ගලයින් 30%කට පමණ CVT තත්ත්වය ඇතිවන බවද ඔක්ස්ෆර්ඩ් අධ්‍යයනයෙන් අනාවරණය කෙරිණ.

    බොහෝ රටවල් වල ඇතැම් වයස් කාණ්ඩවලට ඇස්ට්‍රාසෙනෙකා එන්නත සීමිත ලෙස භාවිතා කිරීම හෝ නවතා දැමීමට පියවර ගෙන තිබේ.

    රුධිර කැටි ගැසීම් පිළිබඳ ඉතා දුර්ලභ අවස්ථා පිළිබඳ වාර්තා වීමෙන් පසුව ඩෙන්මාර්කය පවා එන්නත් කිරීමේ වැඩසටහනෙන් ඇස්ට්‍රාසෙනෙකා ස්ථිරවම අතහැර දමා ඇත.

    පෝට් සිටි පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

    0

    කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් ලබන 19 වැනිදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අගවිනිසුරුවරයා තීරණය කරයි.

    එම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දු කරන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් සලකා බැලීමට නියමිතය.

    මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ යන මහත්වරුන් , තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී කමල් රේණුක පෙරේරා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පිරිසක් විසිනි.

    අවුරුදු දිනයේ රිය අනතුරුවලින් 14ක් මරුට

    0
    Car crash accident on street with damaged automobiles after collision

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදුණු ඊයේ (14) දින රථවාහන අනතුරුවලින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

    අධිවේගී මාර්ගවල අනතුරු 12 ක් සිදුවී ඇති අතර වෙනත් ස්ථානවලින් අනතුරු 109 ක් වාර්තා වී තිබේ.

    පසුගිය අඟහරුවාදා වාර්තා වූ අනතුරු 121 කින් පුද්ගලයින් 74 දෙනෙකු තුවාල ලබා ඇත.

    මෙම අනතුරුවලින් බොහොමයක යතුරුපැදි 53 ක් සහ ත්‍රිරෝද රථ 30 ක් සම්බන්ධ වී තිබේ.

    පසුගිය පැය 24 තුළ බීමත් රියදුරන් 758 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනාවරණය කළේය.

    මත්පැන් පානය කර රිය පැදවූ රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

    මේ අතර, පෙර වසරවලට සාපේක්ෂව අපේ‍්‍රල් මාසයේ උත්සව සමයේ වාර්තා වූ මෝටර් රථ අනතුරු වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දුන්නේය.

    ආනයනවලින් ලොව ලොකුම වන විනාශය කරන බවට යුරෝපා සංගමයට චෝදනා

    0

    යුරෝපා සංගමය යනු ලොව විශාලතම නිවර්තන වනාන්තර විනාශය සිදුකරන ආනයකරුවකු බව ලෝක වනජීවි අරමුදල (WWF) චෝදනා කරයි.

    යුරෝපා සංගමය කාබන් විමෝචනය අතින් දෙවැනි වන්නේ ද චීනයට පමණක් බවද එම අරමුදලේ නවතම වාර්තාවක් සඳහන් කරයි.

    එමගින් තවදුරටත් හෙළි වී ඇත්තේ ජාත්‍යන්තර වෙළඳාමෙන් සිදුවන නිවර්තන වනාන්තර විනාශයෙන් සියයට 16 ක් 2017 දී යුරෝපා සංගම් ආනයන සමඟ සම්බන්ධ බවයි. එය හෙක්ටයාර 203,000 ක් සහ ටොන් මිලියන 116 ක කාබන්ඩයොක්සයිඩ් යුරෝපා සංගම් රටවලට ආනයනය කරන නිෂ්පාදන හා වෙළඳ භාණ්ඩ නිසා ඇතිවූ බව එම වාර්තාවේ දැක්වේ.

    යුරෝපා සංගමයේ ආනයන නිසා 2015 සහ 2017 අතර සිදුවූ වනාන්තර විනාශයෙන් සියයට 80 කට ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය ඇතුළු විශාලතම ආර්ථිකයන් ඇති රටවල් අටක් එක්ව වගකිව යුතු බව එම වාර්තාවේ දැක්වේ.

    මෙම වසන්තයේ වන විනාශය මැඩපැවැත්වීම සඳහා නීති සම්පාදනය සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට යුරෝපා කොමිසම සූදානම් වේ. WWF පවසන්නේ යුරෝපා සංගමයේ ගෝලීය පාරිසරික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් හා ඵලදායී නීති සඳහා හදිසි අවශ්‍යතාව මෙම වාර්තාව මගින් අවධාරණය කරන බවයි.

    සොබාදහම විනාශ කිරීමට දායක වූ ඕනෑම නිෂ්පාදනයක් ‘නීත්‍යානුකූලව’ හෝ නීති විරෝධී ලෙස යුරෝපා සංගම් වෙළඳපොළට ඇතුළු වීම වැළැක්විය යුතු බව ද එහි සඳහන් වේ.

    තහනම් කල අන්තවාදී සංවිධානවලට උදව් කළොත් වෙන දේ

    0

    අංජනා මල්ලවආරච්චි

    ආණ්ඩුව මගින් තහනම් කරන ලද මුස්ලිම් සංවිධාන 11කට උදව් උපකාර කරන සහ ඒවායේ ක්‍රියාත්මක වැඩසටහන්වලට සහභාගී වන පුද්ගලයින්ට විරුද්ධව කොළඹ මහාධිකරණය මගින් විමසනු ලබන නඩුවක දී වරදකරුවකු වූවහොත් ඔහුට වසර 20කට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමකට යටත් විය යුතුය.

    මීට අමතරව එම සංවිධානවල තහනම් සංවිධාන ක්‍රියාකාරකම්වලට අනුබල දීමට වරදකරු වන පුද්ගලයකුට වසර 10ක බන්ධනාගාරගත කිරිමේ දඬුවම් හිමි වේ.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මුස්ලිම් සංවිධානය 11ක් තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ මේ බව සඳහන් වේ.

    සූවස් ඇළේ හිරවූ එවර්ගිවන් නෞකාව වන්දිය ගෙවන තෙක් ඊජිප්තු අත්අඩංගුවේ

    0

    සූවස් ඇළ අවහිර කරමින් පසුගිය මාසයේදී ලෝක ආර්ථිකයට දැවැන්ත පාඩුවක් කළ එවර්ගිවන් යෝධ බහාලුම් නෞකාව අයත් ජපන් හිමිකාර සමාගමෙන් ඩොලර් මිලියන 900 ක් වන්දි වශයෙන් ඊජිප්තුව ඉල්ලා සිටී.

    එක්සත් රාජධානියේ එවර් ගිවන් හි රක්ෂණ සමාගමක් පැවසුවේ සූවස් ඇල අධිකාරිය එම ඉල්ලීම සමථයකට පත් කිරීම ප්‍රතික්ෂේප කළ බවයි.

    නැව මුදාගැනීමේ ප්‍රසාද දීමනාවක් සඳහා ඩොලර් මිලියන 300 ක් සහ කීර්තිය නැතිවීම සඳහා ඩොලර් මිලියන 300 ක් ඇතුළත් වන මෙම ඉල්ලීම “අසාමාන්‍ය ලෙස විශාල” සහ “බොහෝ දුරට සහාය නොදක්වන” යනුවෙන් රක්ෂණ සමාගම පවසයි.

    එවර් ගිවන් නෞකාව සූවස් ඇළේ මැද මාවත වන ග්‍රේට් බිටර් විලෙහි නැංගුරම් ලා ඇත.

    සූවස් ඇල අධිකාරියේ (එස්සීඒ) සභාපති ඔසාමා රබී අඟහරුවාදා පවසා ඇත්තේ වන්දි වශයෙන් ඩොලර් මිලියන 900 ක් ගෙවීමට අපොහොසත් වීම නිසා එවර්ගිවන් නෞකාව රඳවා ගත් බව ය.

    මෙම දැවැන්ත ඇස්තමේන්තුව පදනම් වී ඇත්තේ “ගොඩබෑමේ යාත්‍රාවෙන් සිදුවූ පාඩු මෙන්ම නැව්ගත කිරීමේ හා නඩත්තු කිරීමේ පිරිවැය” මත ය.

    යටිතල පහසුකම් හානි හෝ බාධා කිරීම් සඳහා වන හිමිකම් ඇතුළුව තෙවන පාර්ශවීය වගකීම් සඳහා නෞකාවේ හිමිකරු ෂෝයි කිසන් කයිෂා විසින් මෙම නෞකාව රක්ෂණය කළ එක්සත් රාජධානියේ ක්ලබ් රක්ෂණ සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, වන්දියේ විශාලත්වය නොතකා SCA සමඟ හොඳ විශ්වාසයකින් සාකච්ඡා කරමින් සිටින බවයි.

    “යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට SCA විසින් ගත් තීරණය ගැන අපි කලකිරීමට පත් වෙමු.” යැයිද ඔවුන් පවසයි.

    “වන්දි ගෙවනතුරු නැව ඊජිප්තුවේ රඳවා තබන බවට SCA විසින් කරන ලද අදහස් දැක්වීම ගැන අපි කලකිරීමට පත් වෙමු. මේ කාලය තුළ එහි කාර්ය මණ්ඩලයට යාත්‍රාවෙන් පිටවීමට නොහැකි වනු ඇත.” යැයි නෞකා සමාගම පවසයි.

    ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළට

    0

    ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සියයට 05 කින් ඉහළ ගොස් ඇත.

    බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 66යි සත 58ක් ලෙසිණි. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙදපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 63යි සත 15ක් ලෙසිණි.

    ශ්‍රී ලංකා පොලීසියට ඩ්‍රෝන බලකායක්

    0

    ශ්‍රී ලංකාවේ අපරාධ මර්දන කටයූතු සදහා ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට ඩ්‍රෝන යානා 05 ක් පරිත්‍යාගයක් ලෙස ලැබී ඇත.

    ස්වාභාවික ආපදා ස්ථාන තක්සේරු කිරීම සහ ප්‍රතිසාධනය,  අපරාධ විමර්ශනය සහ සමුද්‍රීය මිනිස් ඡාවාරම මැඩ පැවැත්වීම ඇතුළු  පුළුල්පරාසයක් තුළ ‌ඩෝනා තාක්ෂණය ඔස්සේ ගුවනේ සිට නිරීක්ෂණ සිදු කිරීම සදහා  ශ්‍රී ලංකා පොලීසියේ හැකියාව වර්දනය කිරීමටත් ඒ් සදහා සහය දැක්වීමටත් මෙම ‌ ඩෝන යානා පරිත්‍යාග කරන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

    මෙම ඩ්‍රෝන 05 ශ්‍රී ලංකා පොලීසියට පරිත්‍යාගකරන්නේ ශ්‍රී ලංකාවේ අපරාධ මර්දනයට සහයවීම සදහා ඒ්කාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකාය සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය ඒක්වය.

    “ශ්‍රී ලංකාවේ නීතිවිරෝධි සමුද්‍රීය මිනිස් ඡාවාරම් වැලැක්වීමට සහ බිද දැමීමට අඛණ්ඩව උත්සහ කිරීම පිභිබදව ශ්‍රී ලංකා පොලීසියට ස්තූතිවන්ත වෙනවා. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සාාමූහිකවීම තුළින් ඡාවාරම්කරුවන්ට සහ නීති විරෝධි සංංක්‍රමනිකයින්ට ලබාදෙන ප්‍රබලම පණිවිඩය වන්නේ බෝට්ටු  මගින් නීතිවිරෝධි ලෙස ඕස්ට්‍රේලියාව පැමීණිමට කිසිදු ඉඩකඩක් නොමැති බවයි” යැයි මෙම ඩෝන යානා පරිත්‍යාග කරමින් අන්තර්ජාලය ඔස්සේ පැවැති උත්සවයක් අමතමින් ඒ්කාබද්ධ නියෝජිතායන කාර්ය සාධක බලකායේ අද්මිරාල් හීල් මහතා සදහන් කළේය.

    ඒහිදී ශ්‍රී ලකා පොලීසිය වෙනුවෙන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා  අදහස් දක්වමින් සදහන් කරනු ලැබුවේ භූගෝලීය වශයෙන් සැලකූව විට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අසල්වැසියන් වන බවය.

    “ශ්‍රී  ලංකා පොලිස් සේවයට අති නවීන ඩ්‍රෝන තාක්ෂණය පරිත්‍යාග කිරීම අප වෙත සිදුකළ විශාල ගෞරවයක්. මෙම ඩ්‍රෝන යානා රථ වාහන තදබදය අධික්ෂණය කිරීම, සෝදිසි සහ මුදාගැනීම්, ආවේක්ෂණය සහ පුද්ගල ජාවාරම් , අපරාධ සහ පාරිසරික ආරක්ෂාව සම්බන්ධ මෙහෙයුම් සදහා විශාල වශයෙන් යෙදවිය හැකියි.” යැයිද පොලිස්පතිවරයා කීය.

    ලබන මාසයේ රනිල් පාර්ලිමේන්තුවට

    0

    ඉදිරි මාසයේදී එක්සත්‌ ජාතික පක්ෂ නායක රනිල්‌ වික්‍රමසිංහ මහතා සිය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගනු ඇති බව වාර්තා වේ.

    එක්සත්‌ ජාතික පක්ෂ සභාපති
    වජිර අබේවර්ධන මහතා පවසන්නේ එක්සත්‌ ජාතික පක්ෂයේ ඒකමතික තීන්දුව මත රනිල්‌ වික්‍රමසිංහ මහතා ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව
    නියෝජනය කිරීමට සුදානමින්‌ පසුවන
    බවයි.

    ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්‌ එක්සත්‌ ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඒ බව කීය.

    ව්‍යායාම කරද්දී රෙදි මාස්ක් දැම්මොත් ප්‍රතිඵල අඩුයිලු

    0

    ව්‍යායාම කරන විට රෙදි මුඛ ආවරණ භාවිතා කිරීමෙන් ව්‍යායාම මගින් අපේක්ෂා කරන ප්‍රතිඵල සීමා කරන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

    පර්‍යේෂණයේදී තහවුරු වී ඇත්තේ මුඛ ආවරණ පැළඳ ඇවිදින, දුවන හෝ ශාරීරික සුවතා කරන්නන්ට ඉහළ තීව්‍රතාවයකින් යුත් ව්‍යායාම වලදී ක්ලාන්ත ගතියක් දැනෙන බවත් ඔවුන්ගේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වන බවත් ‍‍ය.

    මුඛ ආවරණයක් සමඟ ව්‍යායාම කරන අතරතුර හෘද ස්පන්දන වේගය අඩු මට්ටමක පවතින බවද සොයා ගෙන ඇත.

    එමෙන්ම මුඛ ආවරණය ඉවත් කරන තෙක් හෘද ස්පන්දන වේගය සාමාන්‍ය අතට පත්කරගැනීමට නොහැකි බවටද පර්යේෂණයේ දී හෙළි වී තිබේ.

    මේ පිළිබඳ කරන ලද කුඩා සායනික අත්හදා බැලීමේ ප්‍රතිඵල බ්‍රිතාන්‍ය ක්‍රීඩා සඟරාවේ (BJSM) අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කරන ලදී.

    පවතින කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් පිරිස් ගැවසෙන ස්ථානවල ව්‍යායාම් කිරීමේදී මුඛ ආවරණ පැළඳීම කොවිඩ් වෛරස් පැතිරීම වැළැක්වීමට උපකාරී වනු ඇතැයි විද්වතුන් යෝජනා කළ මතයකි.

    දක්ෂිණ අධිවේගී ඉතිහාසයේ වාර්තාගත වැඩිම අනතුරු අදයි

    0

    දක්ෂිණ අධිවේගී මාර්ගය රථ වාහන ධාවනයට විවෘත වූ දින සිට මෙතෙක් ගෙවී ගිය දස වසර තුළ රිය අනතුරු වලින් වැඩිම වාහන ගණනක් හානි වූ දිනය ලෙස සැළකෙන්නේ අද (14) යි.
    දක්ෂිණ අධිවේගී මාර්ගය රථවාහන ධාවනයට විවෘත වන්නේ 2011 වසරේ නොවැම්බර් 27 වෙනිදාය. එදා සිට මේ දක්වා ගෙවී ගිය වසර 10 තුළ රිය අනතුරු කොතෙකුත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුව ඇතත් අද දිනයේ ස්ථාන දෙකකදී සිදුවූ රිය අනතුරු වලින් රථවාහන 22 කට හානි සිදුවිය. එම අනතුරු දෙකම සිදුවන්නේ කොට්ටාවේ සිට ගාල්ල දෙසට ධාවනය වන මංතීරුවේය. පළමු අනතුර සිදුවූ ස්ථානයේ සිට කිලෝ මීටරයක් පමණ දුරකින් දෙවැනි අනතුර සිදුව ඇත. පළමු අනතුරෙන් වාහන 16 කට හානි සිදුවන අතර දෙවැනි අනතුරින් වාහන 06 කට හානි සිදුවූ බව අධිවේගී මාර්ග පොලිස් ඒකකය සදහන් කරයි.

    අධික වේගය සහ වාහන දෙකක් අතර ධාවනයේදී තබාගත යුතු දුර ප්‍රමාණය නිසි ලෙස පවත්වාගෙන නොයාම එක් වාහනයක් අනතුරට ලක්වන විට පසුපසින් ගමන් ගන්නා වාහන එකිනෙක ගැටීමට මුල්වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිනක සිදුවූ අනතුරුවලින් රථවාහන මෙතරම් ප්‍රමාණයකට හානි සිදුවූවත් මෙම අනතුරුවලින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති වීම විශේෂත්වයකි. පොලීසිය සදහන් කළේ වෑන් රථයක ගමන් කළ එක් පුද්ගලයෙකුට පමණක් සුළු තුවාල සිදුව ඇති බවය.

    මෙම රිය අනතුරු හේතුවෙන් කිලෝ මීටර් 05 කට වැඩි දුරකට අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට වාහන ගමන් ගන්නා ධාවන තීරුවේ වාහන තදබදයක් ඇතිවූ බවත් එය සාමාන්‍ය අතට පත්වීමට තුනක පමණ කාලයක් ගතවූ බවත් අධිවේ්ගී මාර්ග පොලිස් ඒකකය සදහන් කළේය.

    බදුල්ලට අධික වැසි සමග ජල ගැලීම් සහ පස් කදු කඩාවැටීම්

    0

    බදුල්ල දිස්ත්‍රික්කයට අද (14) සවස ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග හාලිඇල කන්දකැටිය මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවූ අතර ඇටම්පිටිය අලුත්වෙලදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් වැලිමඩ – බදුල්ල මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල විය.

    මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත්කර වාහන ධාවනයට මාර්ගයේ කොටසක් විවෘත කිරීමට පැය දෙකක පමණ කාලයක් ගත විය. ඒ සදහා පොලීසිය සමග ගම්වැසියන් දැඩි පරීශ්‍රමයක් දැරුවේය.

    අධික වර්ෂාව හේතුවෙන් තවදුුරටත් පපස් කදු මාර්ගයට කඩා වැටීමේ අවධානමක් පැවතුණි.

    ඉදිරි පැය කිහිපය තුළ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල, මාතර හා අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සවස නිවේදනය කළේය.

    අසේල සම්පත් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2019 වසරේ උසාවි වරෙන්තුවකටයි

    0

    සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතාව ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත්තේ 2019 වසරේදී කොටුව අධිකරණය ඔහුට එරෙහිව නිකුත් කර තිබුණු වරෙන්තුවකට අනුව බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    එම වරෙන්තුව නිකුත්කර තිබී ඇත්තේ කොම්පඤ්ඤවිදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලයට ගොස් එහි නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකළ නඩුවකට අදාලවය. 2019 වසරේ සිට එම වරෙන්තුව පොලීසිය ක්‍රියාත්මක කර නැත. කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරීන් වසර දෙකකට පසු එම වරෙන්තුව ඊයේ ක්‍රියාත්මක කරමින් අසේල සම්පත් මහතාව අත්අඩංගුවට ගත්තේය. අද (14) ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

    ඩෙන්මාර්කය ඇස්ට්‍රාසෙනෙකා එන්නත දීම මුළුමනින්ම නවතා දමයි

    0

    ඉතා දුර්ලභ රුධිර කැටි ගැසීම් සිද්ධි වාර්තා වීමෙන් පසුව, කොවිඩ්-19 මර්දනයට ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත සම්පූර්ණයෙන්ම අත්හිටවූ පළමු යුරෝපා රට බවට ඩෙන්මාර්කය පත්වෙයි.

    ඩෙන්මාර්කයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත කිරීම ඉවත් කිරීමට ගත් මෙම තීරණය හේතුවෙන් සෞඛ්‍ය ආයතන විසින් මීට පෙර කරන ලද ප්‍රකාශ මත පදනම්ව එන්නත් කිරීමේ වැඩපිළිවෙළ යළි ආරම්භ කිරීමට සති හතරක් දක්වා ප්‍රමාද විය හැකිය.

    මෙම එන්නත දිගටම භාවිතා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුරෝපීය ඖෂධ නියාමක නිර්දේශ තිබියදීත්, “ඩෙන්මාර්කයේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ඇස්ට්‍රාසෙනෙකා එන්නත නොමැතිව ඉදිරියට යනු ඇත” යනුවෙන් ඩෙන්මාර්ක සෞඛ්‍ය අධිකාරියේ අධ්‍යක්ෂ සෝරෙන් බ්‍රොස්ට්‍රෝම් මාධ්‍ය හමුවකදී පැවසීය.

    ඩෙන්මාර්කය එන්නත් කිරීමේ වැඩසටහන සඳහා නව කාල රාමුවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

    රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීමෙන් පසු මාර්තු 11 වන දින එන්නත තාවකාලිකව අත්හිටවූ පළමු රටවල් අතර ඩෙන්මාර්කය ද විය.

    එවකට ඩෙන්මාර්ක සෞඛ්‍ය අධිකාරිය මෙම තීරණය පූර්වාරක්ෂක පියවරක් ලෙස හැඳින්වූ අතර ඇස්ට්‍රා එන්නත “ඵලදායී හා ආරක්ෂිත” බවට වූ මතය නැවත අවධාරණය කළේය.

    වාහන 8ක් ගැටෙයි – අධිවේගයේ දැඩි තදබදයක්

    0

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර, 30 වන කිලෝමීටර්‌ කණුව ආසන්නයේ අද මෝටර්‌ රථ 8ක්‌ එනිනෙක ගැටී අනතුරු සිදුව තිබේ.

    ඒ හේතුවෙන්‌ මාතර දක්වා ගමන්‌ගන්නා මංතීරුවේ මේ වනවිට දැඩි රථ වාහන තදබදයක්‌ හටගෙන ඇති බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති
    අජිත්‌ රෝහණ සඳහන්‌ කරයි.

    ඉන්‌ වෑන්‌ රථයක ගමන්‌ ගත්‌ පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇත.

    අද පෙරවරු 11.45 ට පමණ මෙම
    අනතුර සිදුව ඇත.

    2019 වර්ෂයේ අප්‍රේල්‌ මස 14 වන දින ගැලනිගමදී සිදු වූ රිය අනතුරක්‌ හේතුවෙන්‌ මේ අකාරයේම දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබිණ.

    වී ගෝනි අස්සේ සැගවූ වියලි කහ තොගයක් සොයා ගනී

    0

    යාපනය දෙස සිට මන්නාරම බලා ධාවනය වෙමින් තිබුණු කැබ් රථයක් ඉලුප්පකඩෙ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායම් මුන්රාම්පිිඩ්ඩි හීදී කළ සෝදිසියකදී වී ගෝනි අස්සේ සගවා ප්‍රවවාහනය කරමින් තිබුණු වියලි කහ තොගයක් ඊයේ (13) සවස සොයා ගෙන තිබේ.

    ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධිව මෙරටට රැගෙන පැමිණ ඇති එම වියලි කහ තොගය ගෝනි වලට අසුරා තිබී ඇත. වියලි කහ කිලෝ 1985 ක් එම ගෝනි තුළ බහා තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    කැබ් රථය තුළ පුුද්ගලයින් පස් දෙනෙක් ගමන් කර ඇත. අවුරුදු 22 ත් 28 ත් අතර පසුවන්නන් වන ඒ අයද සැකපිට අත්අඩගුවට ගත් බව පොලීසිය කියයි. එම සැකකරුවන් මන්නාරමේ පදිංචිකරුවන්ය.

    අමෙරිකානු ජනපතිගෙන් අවුරුදු සුබ පැතුම්

    0

    අලුත් අවුරුද්ද සමරන සිංහල දෙමළ ජනතාවට සුබ ප්‍රාර්ථනා කරමින් අමෙරිකානු ජනපති ජෝ බයිඩෙන් පණිවිඩයක් නිකුත් කර තිබේ.

    මේ වනවිට විවිධ සංස්කෘතික උත්සව සමරන සෙසු ජනතාවට ද ඔහුගේ සුබ පැතුම් එක්කර ඇත.

    කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩය තුළ අදින් ඇරඹුණ රාමසාන් උපවාස සමය හා එම ආගමික සැමරුම වෙනුවෙන් සුබපැතුම් එක්කර නොතිබීම සමාජ ජාල තුළ මුස්ලිම් ප්‍රජාවගේ විවේචනයට ලක්ව තිබෙනු දැකගත හැකිවිය.

    මේ අතර මෙරට අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී ටෙප්ලිට්ස් ද ශ්‍රී ලාංකික ජනතාවට අලුත් අවුරුදු සුබ පැතුම් එක්කර තිබුණේ මෙසේය.

    අලුත් අවුරුද්දේ අධිවේගයේ ආදායම ඉහළට

    0

    අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාව වැඩි වශයෙන් අධිවේගී මාර්ග පද්ධතිය යොදා ගැනීම හේතුවෙන් මෙවර ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අංශය සදහන් කරයි.

    ඉකුත් 08, 09, 10 සහ 11 යන දින හතරේ පමණක් අධිවේගී මාර්ගයේ ධාවනය කළ වාහන වලින් ලද ආදායම රුපියල් මිලියන 135 කි. 10 වෙනිදා පමණක් අධිවේගී මාර්ගයේ රථවාහන එක්ලක්ෂ හතලිස් එක්දහස් එකසිය අසූහතක් ධාවනය වී ඇති අතර 09 වෙනිදා ධාවනය වී ඇත්තේ රථවාහන එක්ලක්ෂ තිස්හත්දහස් හත්සිය විසි එකකි. අධිවේගී මාර්ගයේ මෑතකදී ධාවනය කළ වැඩිම වාහන ප්‍රමානය වන්නේ මෙය බව අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අංශය සදහන් කරයි.

    සාම්පල් පරීක්ෂාවට යොමුකරන්නේ සැබෑ ආනයනික පොල්තෙල්මදැයි රහස් පොලීසියට සැකයක්

    0

    පිරිපහදුු නොකළ පොල්තෙල් මෙරටට ආනයනය කිිරීමෙන් පසු ශ්‍රී ලංකා රේගුවෙන් ඒවා නිදහස් කිරීමට අවශ්‍ය තත්ව සහතික ලබාගැනීමේදී ප්‍රමිති ආයතනය ඇතුළු ආයතනවලට ඉදිරිපත්කරන්නේ සැබෑ ලෙසම එකී ආනයනික පොල්තෙල්මද නැතිනම් විෂ ද්‍රව්‍ය නොමැති වෙනත් සාම්පල්දැයි සැකයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂ පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායමට පැන නැගී ඇත.
    එම සැකය පැන නගින්නේ පසුගිය දා ආන්දෝලනයට තුඩුුදුන් ආනයනික පිරිපහදු නොකල පොල්තෙල් සම්බන්දයෙන් ප්‍රමිති ආයතනය කළ පළමු සාම්පල් පරීක්ෂාවේදී එම පොල් තෙල්වල විෂ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවීමත් නැවතත් ආනයනික පොල්තෙල්වලින් ප්‍රමිති ආයතනයේ නිලධාරීන්ම සාම්පල් ගෙන පරීක්ෂාවේදී එහි විෂ සහ පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු බව හෙළිවීමත් හේතුවෙනි.

    රේගු පරීක්ෂාවෙන් පසුු නිදහහස්කරන තුරුආනයනික පොල්තෙල් බහලුම් ශ්‍රී ලංකා වරායේ හෝ ශ්‍රී ලංකා රේගුවේ ගුදම්වල තබා නොගන්නා බවත් අදාල සමාගම්වල ගුදම්වලට නිදහස් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත. එසේ සිය ගුදම්වල ඇති පොල්තෙල් රේගුවෙන් නිදහස් කෙරෙන්නේ සාම්පල් පරීක්ෂාවෙන් පසු ලැබෙන වාර්තතා පදනම් කරගනිමිනි. එහිදී ලේඛන හුවමාරුවක් සිදුවනවා හැරුණුකොට ගුදම්වල ඇති බහලුම් මුද්‍රා ඉවත්කර පරිහරණයට ගෙන තිබේදැයි පරීක්ෂාවක් සිදුවන බවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවට පෙනී ගොස් නැත. ගුදම්වල තිබියදී සිය නිෂ්පාදන කටයුතු සදහා ඇතැම් සමාගම් පිරිපහදු නොකල පොල්තෙල් භාවිතා කරන බවටත් ඒ අය ප්‍රමිති ආයතනයේ සාම්පල් වාර්තා ගැන දැඩි විශ්වාසයකින් එම කටයුත්ත කරන බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගොස් ඇත. දංකොටුවෙන් හසුවන්නේ එවැනි පොල්තෙල් බවුසර දෙකක් විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් සැකකරයි. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විට සිදුවේ.

    අන්තවාදී සංවිධාන 11ක් තහනම් කළ ගැසට්ටුව නිකුත් වෙයි

    0

    අන්තවාදී සංවිධාන 11ක් මෙරට තුළ තහනම් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අවුරුදු සමරන්නැයි ජනපති කියයි

    0

    පසුගිය වසරේ අවුරුදු සැමරුම්වලට පැවති අයහපත් සෞඛ්‍ය පසුබිමෙන් බාධා ඇතිවුවද, මෙවර සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව සහ පුරාණ චාරිත්‍රානුකූලව අලුත් අවුරුදු සැමරීමේ අවස්ථාව අප ගොඩනගාගෙන තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    සමස්ත ජනතාව සියලු භේද අමතක කොට නැවුම් බලාපොරොත්තු සමග අධිෂ්ඨානශීලීව, සෞම්‍ය හා දැහැමි සිතිවිලි වලින් සිත් සතන් පුරවාගෙන සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සමග එක්වනු දැකීම තම අපේක්ෂාව බව හෙතෙම කියා සිටී.

    උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍යය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ! යනුවෙන් ජනාධිපතිවරයා සියලුම ශ්‍රී ලාංකිකයන්ට නව අවුරුදු සුබ පැතුම් එක්කරමින් පවසයි.