fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සාම්පල් පරීක්ෂාවට යොමුකරන්නේ සැබෑ ආනයනික පොල්තෙල්මදැයි රහස් පොලීසියට සැකයක්

    සාම්පල් පරීක්ෂාවට යොමුකරන්නේ සැබෑ ආනයනික පොල්තෙල්මදැයි රහස් පොලීසියට සැකයක්

    පිරිපහදුු නොකළ පොල්තෙල් මෙරටට ආනයනය කිිරීමෙන් පසු ශ්‍රී ලංකා රේගුවෙන් ඒවා නිදහස් කිරීමට අවශ්‍ය තත්ව සහතික ලබාගැනීමේදී ප්‍රමිති ආයතනය ඇතුළු ආයතනවලට ඉදිරිපත්කරන්නේ සැබෑ ලෙසම එකී ආනයනික පොල්තෙල්මද නැතිනම් විෂ ද්‍රව්‍ය නොමැති වෙනත් සාම්පල්දැයි සැකයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂ පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායමට පැන නැගී ඇත.
    එම සැකය පැන නගින්නේ පසුගිය දා ආන්දෝලනයට තුඩුුදුන් ආනයනික පිරිපහදු නොකල පොල්තෙල් සම්බන්දයෙන් ප්‍රමිති ආයතනය කළ පළමු සාම්පල් පරීක්ෂාවේදී එම පොල් තෙල්වල විෂ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවීමත් නැවතත් ආනයනික පොල්තෙල්වලින් ප්‍රමිති ආයතනයේ නිලධාරීන්ම සාම්පල් ගෙන පරීක්ෂාවේදී එහි විෂ සහ පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු බව හෙළිවීමත් හේතුවෙනි.

    රේගු පරීක්ෂාවෙන් පසුු නිදහහස්කරන තුරුආනයනික පොල්තෙල් බහලුම් ශ්‍රී ලංකා වරායේ හෝ ශ්‍රී ලංකා රේගුවේ ගුදම්වල තබා නොගන්නා බවත් අදාල සමාගම්වල ගුදම්වලට නිදහස් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත. එසේ සිය ගුදම්වල ඇති පොල්තෙල් රේගුවෙන් නිදහස් කෙරෙන්නේ සාම්පල් පරීක්ෂාවෙන් පසු ලැබෙන වාර්තතා පදනම් කරගනිමිනි. එහිදී ලේඛන හුවමාරුවක් සිදුවනවා හැරුණුකොට ගුදම්වල ඇති බහලුම් මුද්‍රා ඉවත්කර පරිහරණයට ගෙන තිබේදැයි පරීක්ෂාවක් සිදුවන බවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවට පෙනී ගොස් නැත. ගුදම්වල තිබියදී සිය නිෂ්පාදන කටයුතු සදහා ඇතැම් සමාගම් පිරිපහදු නොකල පොල්තෙල් භාවිතා කරන බවටත් ඒ අය ප්‍රමිති ආයතනයේ සාම්පල් වාර්තා ගැන දැඩි විශ්වාසයකින් එම කටයුත්ත කරන බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගොස් ඇත. දංකොටුවෙන් හසුවන්නේ එවැනි පොල්තෙල් බවුසර දෙකක් විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් සැකකරයි. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විට සිදුවේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.