තවත්

    බුර්කා තහනමට කැබිනට්ටුවේ අනුමැතිය

    0

    බුර්කාව ඇතුළු මුහුණු ආවරණ තහනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සදහන කරනු ලැබුවේ අද (27) එම යෝජනාව කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම අනුමැතිය හිමිවූ බවය.

    දිවයිනේ සියලු පාසල් අප්‍රේල් 30 දක්වා වසා දැමේ

    0

    දිවයිනේ සියලුම පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට රජය තීරණය කළ බව කැබිනට් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

    කොව්ඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහාත් දරුවන් ආරක්ෂාකර ගැනීමත් අරමුණුකර ගනිමින් මෙම පියවර ගෙන ඇත.

    කෑගල්ලේ සියලුම පාසල් – අනුරාධපුර 13ක් වසා දැමේ

    0

    කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දහතුනක් වසා දමා තිබේ.

    දිස්ත්‍රික් බලධාරීහු මෙම පියවර ගෙන ඇත.

    ඒ අනුව ලබන තිස් වැනිදා තෙක් එම පාසල් වසා තැබෙනු ඇත.

    කොල්ලුපිටිය සුපිරි වෙළද සංකීර්ණ භූමිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට

    0

    මහල් 40 කින් සමන්විත බහු මහල් සුපිරි වෙළද සංකීර්ණයක් ඉදිකිරීමට කොළඹ මහා නගර සභාව සතු කොල්ලුපිටිය නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළද සංකීර්ණය අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන තිබේ.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2021 අප්‍රේල් 24 වෙනිදා අදාල ගැසට් නිවේදනය නිකුත්කර ඇත.

    මෙම පවරා ගැනීම සිදුව ඇත්තේ එම වෙළද සංකීර්ණයේ දැනට ව්‍යෘපාරික කටයුතුවල නිරතව සිටින වෙළඳසැල් හිමියන් විසින් කළ ඉල්ලීමකට අනුවය. ඒ අනුව වර්තමානයට සහ අනාගතයට ගැලපෙන ලෙස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් (PPP) එම වෙළද සංකීර්ණය පිහිටි ඉඩම සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව අතර ගිවිසුමක්ද අත්සන් කර තිබේ.

    1976 වසරේ ඉදිකර ඇති කොල්ලුපිටිය සුපිරි වෙළද සංකීර්ණය අක්කරයක භූමිභාගවයක් පුරාවට විහිදී ඇත.

    කොව්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව හෙට සිට ජනතාවට

    0
    covid vaccine

    ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට (28) සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සදහන් කරයි.

    පළමු එන්නත් මාත්‍රාව මුලින්ම ලබාදුන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින්ට බැවින් දෙවැනි එන්නත් මාත්‍රාව ද මුලින්ම ලබාදෙන්නේ ඒ අයට බවද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

    පළමු පෙළ සෞඛ්‍ය සේවකයින්ට ලබාදීමෙන් අනතුරුව ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අනුපිළිවෙල අනුව දෙවන මාත්‍රාව ලබාදීම සිදුකරන බවද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සදහන් කළේය.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එන්නත ලක්ෂ තුන්හමාරක තොගයක් මේ වනවිට රට තුළ පවතින අතර එය මැයි මාසය අවසානය වන තෙක් ප්‍රමාණවත් වන බවද ඔහු පැවසීය.

    පළමු එන්නත් මාත්‍රා 9,24,687ක් ලබාදී තිබේ. ඒ අනුව දෙවැනි මාත්‍රාව ලබාදීමට අවශ්‍ය ඉතිරි එන්නත් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයිද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

    තවත් ගම් දෙකක් ලොක්ඩවුන්

    0

    තවත් ප්‍රදේශ දෙකක් අද සිට හුදෙකලා කළ බව කොවිඩි -19 වැළැක්වීමේ
    ජාතික ක්‍රියාන්විත මධඨස්ථානය පවසයි.

    හිඟුරක්ගොඩ, සිටිකෙත ග්‍රාම සේවා
    වසම හා මාතලේ උකුවෙල පොලිස්‌
    වසමේ පල්ලේකුඹුර ග්‍රාම සේවා වසම
    මෙලෙස හුදෙකලා කර ඇත.


    රිෂාද් – රියාජ් මාස 3ක් රඳවා ප්‍රශ්න කෙරේ

    0

    අත්‌අඩංගුවට ගත්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන්‌ හා ඔහුගේ සහෝදරයා වන රියාජ්‌ බදියුදීන්‌ දින 90 ක්‌ රඳවාගෙන
    ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ
    දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ.

    පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය
    පොලිස්පති අපිත්‌ රෝහණ ප්‍රකාශ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ චෝදනා මත ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරෙන බවයි.

    කොවිඩ් රෝගීන් බහුතරයකට ඔක්සිජන් දෙන්න වෙලා – කොවිඩ් පාලන ඇමතිනි

    0

    මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින්‌ ඇති බව කොවිඩි රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

    තරැණ ප්‍රජාවට වැඩි සංකූලතා පැමිණීම මෙයට හේතුවී ඇති බව ඇය පෙන්වා දෙයි.

    දැනට රෝහල්‌ ගතකර තිබෙන රෝගීන්‌ විශාල ප්‍රමාණයකට ඔක්සිජන්‌ සැපයුම ලබා දීමට සිදුව ඇති බව ද වාර්තා වේ.

    අද (26) වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 647 දක්වා ඉහළ ගියේය.

    එමෙන්ම අද (26) දිනය තුළ පමණක් කොවිඩ් ආසාදිතයින්‌ 997ක් තහවුරු කරගෙන තිබුණි.

    මේ අනුව මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින්‌ ගණන අද(26) 102376 දක්වා ඉහළ ගියේ ය.

    ඉන් 94577 දෙනෙකු සුවය ලබා සිටිති.

    සෙසු ආසාදිතයෝ රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

    නුවරඑළියේ අස්වැන්න නෙළයි – ආනයනික අල බද්ද ඉහළට

    0

    ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ භාණ්ඩ බද්ද අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50.00 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

    නුවරඑළියෙ අර්තාපල් ගොවීන් අස්වැන්න නෙලීම ආරම්භ කිරීමත් මෙවර වැඩි අස්වැන්නක් අපේක්ෂා කිරීමත් මෙම තීරණයට හේතු වූ බව රජය පවසයි.

    අද රෑ සිට ලොක්ඩවුන් වෙන ප්‍රදේශ

    0

    අද (26) රාත්‍රී 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ, කළුතර, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබේ.

    යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ පවතින කොවිඩ් -19 ව්‍යාප්තියේ අවදානම මත එම තීරණය ගෙන ඇති බවය.

    ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් අද (26) රාත්‍රී 8.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබේ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරලුගෙදර, කළුඅග්ගල යන ග්‍රාම සේවා වසම් සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම සේවා වසම හුදකලා කෙරෙනු ඇත.

    ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ පැලවත්ත නැගෙනහිර යන ග්‍රාම සේවා වසම් ද හුදකලා කරනු ඇත.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ පූම්පුහාර් ග්‍රාම සේවා වසම ද හුදකලා කිරීමට තීරණය කර ඇත.

    මීට අමතරට දඹුල්ල, ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය ද සති දෙකක කාලයක් හුදකලා කෙරේ.

    බස්නාහිර – වයඹ සියලු පාසල් වැසේ

    0

    වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ අප්‍රේල් 30 වනදා දක්වා එම තීරණය ක්‍රියාත්මක බවය.

    පෝට් සිටියේ ඇත්ත කතාව

    0

    කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඇත්ත කතාව

    Port-City-Truth_Sinhala

    මාතලෙන් හමුවුණු පිළිස්සුණු සිරුර මාළඹේ කොන්ත්‍රාත්කරුවෙකුගේද?

    0

    මාතලේ රත්තොට දොඹගොඩ කැළයක තිබී ඉකුත් 21 වෙනිදා හමුවූ පිලිස්සුනු ශරීර කොටස් මාලඹේ දාඹුගහවත්ත පාරේ නිවසක පදිංචිව සිටි වාරිමාර්ග කොන්ත්‍රාත්කරුවෙක් වන රාජපක්ෂ මුදිියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ නැමැති අයෙකුගේ බවට සැකකරන තොරතුරු රැසක් පොලීසියට අද (26) වන විට ලැබී තිබේ.

    හතලිස් හයහැවරදි හැවරදි පුද්ගලයෙක් වන ඔහු යාල සෙල්වදාන පාරේ ස්ථීර පදිංචිකරුවෙක් බව පොලීසිය සදහන් කරයි.

    මෙම පුද්ගලයාට එරෙහිව නිවෙස් බිදුම් සහ සොරකම් සම්බන්දයෙන් වරෙන්තුවක්ද ඇතැයි විමර්ශන වලින් අනාවරණය වී ඇත. ඊට අමතරව ඔහුට එරෙහිව වංචා චෝදනා සම්බන්ධයෙන්ද පැමිණිලි පොලීසිවල ලියැවී ඇතැයි හෙළිවී තිබේ.

    අවිවාහකයෙක් වන මේ පුද්ගලයාට පෙම්වතියන් දෙදෙනෙක් සිටින බවත් ඒ එක් පෙම්වතියක් පාර්ලිමේන්තුවේ සේවිකාවක් වන බවටත් අනෙත් පෙම්වතිය මහනුවර දන්තුරේ තැනැත්තියක් බවත් අනාවරණය වී ඇත.

    මෙම පුද්ගලයා පදිංචිව සිටි දාඹුගොල්ල නිවසින් පසුගි‍ය 18 වෙනිදා සවස කෑ ගසන හඩක් ඇසී ඇති අතර ඊට පැය කිහිපයකට පසු නිවසේ විදුලි පහන් නිවා දමා මෝටර් රථයක නැගී එම පුද්ගලයා නිවසින් බැහැව ගොස් ඇතැයි ආරක්ෂක කැමරා පරීක්ෂාවකදී අනාවරණය වී තිබේ. නැවතත් ඔහු නිවසට පැමිණ ඇත්තේ මැදියම් රැයේදී බවත් ඒ පැමිණ නැවත නිවසින් බැහැර යන අයුරුද අසල නිවසක කැමරාවක සටහන්ව තිබී ඇත.

    මාතලේ පොලීසියේ කණ්ඩායමක් එම නිවසට පැමිණ කළ පරීක්ෂාවේදී ලේ පැල්ලම් කිහහිපයක්ද නිවසින් සොයාගෙන ඇත. මේ පුද්ගලයා පරිහරණය කළ මෝටර් රථයද අනුරාධපුර පොලිස් වසමේ අතහැර ගොස් තිබියදී සොයාගෙන තිබේ. එම මෝටර් රථයේද ලේ පැල්ලම් දකින්නට ඇතැයි පොලීසිය කියයි. එම මෝටර් රථය මෙම පුද්ගලයාගේ සහෝදරියගේ නමින් ලියාපදිංචි කළ එකක් බවද හෙළිවී ඇත.

    පිළිස්සුනු මළ සිරුරේ මුහුණ කොටසසක් සහ පාදයක් පමණක් ඉතිරිව තිබී ඇති අතර මුහුණද හදුනා ගැනීමට නොහැකි ලෙස පිළිස්සී තිබී ඇත. සැබෑ ලෙසම එසේ මිය ගොස් ඇත්තේ එම පුද්ගලයාමද යන්න ගැන තහවුරු කර ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කරන බව මාතලේ පොලීසියේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    දිස්ත්‍රික් තුනක පොලිස් වසම් 04 ක් අද රෑ සිට හුදෙකලා කරයි

    0

    ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් තුනේ පොලිස් වසම් 04 ක ග්‍රාමසේවා වසම් රැසක් අද (26) රාත්‍රී 8.00 සිට හුදෙකලා කිරීමට රජය තීරණය කර තිබේ.

    ගම්පහ දිස්ත්‍රිික්කයේ කොටදෙණියාව පොලිස් වසමේ පොල්හේන, හීරලුගෙදර සහ කළුඅග්ගල යන ග්‍රාම නිලධාරී කොට්ඨාසත් මිනුවන්ගොඩ පොලිස් වසමේ අස්වෙන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසත් හුදෙකලා කරනු ඇත.

    කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් වසමේ මිරිස්වත්ත සහ පැලවත්ත උතුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාසත් හුදෙකලා කරනු ලැබේ.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් වසමේ පූම්පුහාර් ග්‍රාම නිලධාරී කොට්ඨාසය ද අද රාත්‍රී 8 සිට හුදකලා කෙරෙන ප්‍රදේශයට අයත්ය.

    මෙයට අමතරව මාතලේ දිස්ත්‍රික්කයට අයත් දඹුල්ල, ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය ද සති දෙකක කාලයක් හුදකලා කරන බවද කොවිඩ් 19 මර්දන කාර්ය සාදන බලකාය නිවේදනය කළේය.

    කොවිඩ් බියෙන් උණුසුම් වූ බිංගිරිය

    0

    බිංගිරිය විලත්තව ප්‍රදේශයේ පිහිටි ඇගුළුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් බහුල වශයෙන් හමුවීමට පටන්ගෙන ඇති බැවින් එම කර්මාන්ත ශාලාව වසා දමන ලෙසට බල කරමින් ගම්වැසියන් අද (26) එම කර්මාන්ත ශාලාව ඉදිරිපිටට රැස්වී විරෝධතාවක නිරත විය.

    කොවිඩ් ආසාදිතයින් 142 දෙදෙනෙක් මෙම කර්මාන්ත ශාලාවෙන් ඊයේ (25) වන විට හමුවී ඇතැයි ගම්වැසියන් සදහන් කරයි. උතුරුමැද සහ වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සදහන් කරනු ලැබුවේ මෙම කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුරක් නිර්මාණය වී ඇතත් එය එතරම් විශාල පොකුරක් නොවන බවය.

    ගම්වැසියන් බියක් දක්වන්නේ කොවිඩ් වෛරසය කර්මාන්ත ශාලාවෙන් ගම්මානයට බෝවීමේ අවදානමක් ඇතිවේ යැයි කියා බව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති අනිල් ජයන්ත මහතා පැවැසීය. කර්මාන්ත ශාලාව වසන්නැයි පොලීසියට නියෝග කරන්නට හැකියාවක් නොමැති බවත් එය තීරණය කරන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. එබැවින් ගම්වැසියන්ට පොලීසිය පැත්තෙන් ලබාදුන් උපදෙස වූයේ බියක් තිබේ නම් එම කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටින ගම්වැසියන්ට සේවයට නොයන ලෙස යැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

    පැවති උණුසුම් තත්වය හේතුකොටගෙන බිංගිරිය පොලිස් ස්ථානයේ නිලදාරීන්ට අමතරව දුම්මලසූරිය, හෙට්ටිපොල යන පොලිස් ස්ථානවලින්ද අමතර කණ්ඩායම් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් කැදවා තිබුණි. එහෙත් පොලීසිය විසින් කරුණු පැහැදිලිකර දීමෙන් අනතුරුව ගම්වැසියන් විසිර ගිය බව නියෝජ්‍ය පොලිස්පති අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    රාජ්‍ය ආයතනවල සේවක සීමා තීරණය ආයතන ප්‍රධානීන්ට

    0

    රාජ්‍ය ආයතනවල හෙට (27) සිට තම කාර්යාලවලට පැමිණිය යුතු සේවකයින් සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

    එම අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ ඊට අදාළ චක්‍රලේඛය ද හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවය.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් දින දෙකක ට වසා තැබේ

    0

    බත්තරමුල්ල කොස්වත්තේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමග එම කාර්යාලය හෙට (27) සහ අනිද්දා (28) දෙදින වසා තැබීමට තීරණය කර තිබේ

    ප්‍රධාන කාර්යාලය වසා තැබුණද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොළ ශාඛාව සේවා කටයුතු සදහා විවෘතව තැබෙනු ඇත. විදේශ රැකිියා සදහා මෙරටින් පිටත්වන්නන් එහිදී ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුවනු ඇත.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවා ලබා ගැනීමට සූදානමින් සිටින අයට පැය 24 පුරා ක්‍රි‍යාත්මක ක්ෂණික දුරකථන අංක 1989 මගින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.

    බුත්තල නගරයේ කඩ සාප්පු දින දෙකක් වසා දැමේ

    0

    බුත්තලින් කොවිඩ් 19 වෛරස ආසාදිතයන් හමුවීමත් සමග බුත්තල නගරයේ සියලු කඩ සාප්පු අද (26) සහ හෙට (27) වසා දමා නගරය විෂබීජ හරණය කිරීමට තීරණය කර තිබේ.

    සති දෙකක තුළ නව ආසාදිතයින් 45 දෙනෙක් බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් හමුවීම හේතුකොටගෙන සෞඛ්‍ය අංශ සහ බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති නන්දනසිරි නිකවත්ත මහතා කළ ඉල්ලීමකට අනුව වෙළද සංගමය විසින් මෙම තීරණය ගෙන ඇත.

    නගරය තුළ ජනතාව ඒකරාශීවීම නවතා දැමීමට සහ කොවිඩ් පාලනයට සහාය දීම සඳහා නගරයේ වෙළඳ සැල් වසා දැමීමට පියවර ගත් බව බුත්තල වෙළෙඳ සංගමයේ සභාපති ප්‍රසන්න ගුණවීර මහතා සදහන් කළේය.
    නගරය වසා දැමීම හේතුවෙන් පොදු ප්‍රවාහන කටයුතුද ඇනහිට ඇති අතර නගරයට පැමිණෙන ජනතාවගේ පාලනයක්ද ඇතිවී තිබේ.

    නොනගතේ මැති සබේට රිංගූ කෙටුම්පත ගැන රනිල්ගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්

    0

    කොළඹ වරාය නගරය පිළිබඳ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල අරක්ෂා කරමින්, සියලුදෙනා සමගම සාකච්ඡා කොට විසඳුම් ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අගමැති රනිල්‌ වික්‍රමසිංහ මහතා පවසයි.

    කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දෙන්නේ නව කෙටුම්පත මගින් ව්‍යවස්ථාදායකය, අධිකරණය, කැබිනට් මණ්ඩල බලතල ඒ තුළින් ඉවත් කිරීම ඉතා භයානක තත්ත්වයක් බවයි.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය

    රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ කොවිඩ් ගැන සංචාරක උපදෙස් අලුත් කරයි

    0

    රට තුළ කොරෝනා වෛරසයේ පැතිරීම පිළිබඳ පසුගිය සතියේ අනතුරු ඇඟවීමක් කිරීමෙන් පසුව රටවල් ගණනාවක් ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශන නිකුත් කර තිබේ.

    අමෙරිකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව මෙලෙස ශ්‍රී ලංකාව පිළිබඳ නවතම සංචාරක උපදේශන නිකුත් කළ රටවල් අතර වේ.

    කොවිඩ් වෛරස් රෝගීන් වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව අවදානම් අනතුරු ඇඟවීමේ මට්ටම 3 දක්වා ගෙන ගොස් ඇති බව එංගලන්තය සඳහන් කරයි.

    ප්‍රජාව තුළ COVID-19 රෝගීන් බහුලව පවතින හෙයින්, කෙටි දැනුම්දීමකින් ගුවන් ගමන් සහ ගුවන් තොටුපල මෙහෙයුම්වල වෙනස්කම් ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව සංචාරක උපදෙස්වල දැක්වේ.

    “බලපෑමට ලක් වූ ප්‍රදේශවල අගුලු දැමීම සිදු කෙරෙන අතර කෙටි දැනුම්දීමකින් ගමන් තහනම් ද පැනවිය හැකිය. සීමාවන්ට අනුකූල නොවන අය අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ද පවතී. බස්නාහිර පළාතේ දේශසීමා ඇතුළු දිවයිනේ සමහර ප්‍රදේශවල පළාත් පාලන ආයතන අහඹු ලෙස COVID-19 පරීක්ෂණ පවත්වයි. ඔබ පළාත් පාලන ආයතනවල උපදෙස් පිළිපැදිය යුතුය. සමාජ දුරස්ථභාවය සහ පොදු ස්ථානවල මුහුණු ආවරණයක් පැළඳීම සඳහා රෙගුලාසි ක්‍රියාත්මක වේ. ”එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවසීය.

    ඕස්ට්‍රේලියාව සිය පුරවැසියන්ට උපදෙස් දී ඇත්තේ ශ්‍රී ලංකාවට නොයන ලෙසයි.

    එනම් “COVID-19 වසංගතයෙන් ඇති වන සෞඛ්‍ය අවදානම සහ ගෝලීය සංචාරයට ඇති වී තිබෙන බාධා හේතුවෙන් ශ්‍රී ලංකාවට නොයන්න” යනුවෙන් ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව පවසයි.

    COVID-19 හේතුවෙන් ශ්‍රී ලංකාව සඳහා රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන (සීඩීසී) දෙවන මට්ටමේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බව අමෙරිකාව පවසයි.

    වේරහැරින් ලයිසන් ගන්න සිටි අයට විශේෂ නිවේදනයක්

    0

    වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෙට (27) දින සිට (2021-05-13) දක්වා රියදුරු බලපත් ලබාගැනීමට සූදානමින් සිටි අයට නව දින හා වේලාවන් ලබාදී තිබේ.

    නිරෝධායන නීති කැඩූ 177 ක් අත්අඩංගුවට

    0

    මුහුණු ආවරණ නොපැළඳි සහ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 177 දෙනෙකු ඊයේ (25) දිනයේ පමණක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.

    එම පුද්ගලයින්‍ ගෙන් 134 දෙනෙකු බස්නාහිර පළාතෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අයගෙන්ද පුද්ගලයින් 50 දෙනෙක් අත්අඩංගුවට ගෙගන ඇත්තේ කළුතරිනි. එම ගණන 50 කි. ගම්පහින් 45 දෙනෙක්ද, කොළඹින් 34 දෙනෙක්ද බස්නාහිර පළාතින් අත්අඩංගුවට ගෙන ඇති අය අතර සිටින බව අජිත් රෝහන මහතතා කීය.

    සෞඛ්‍ය උපදෙස් පිළි නොගෙන නොසැලකිලිමත්ව ක්‍රියාකරන සෑම පුද්ගලයෙක්ටම එරෙහිව දැඩිව නීතියය ක්‍රියාත්මක කරන බව ද අජිත් රෝහන මහතා පැවැසීය. ඒ අනුව අත්අඩංගුවට ගත් මෙම සැකකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවද ඔහු සදහන් කළේය.

    ‍නිරෝධායන නීති බලගැන්වීමෙන් අනතුරුව ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනක දී නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්වූයේ ඊයේ දිනයේ බවද අජිත් රෝහණ මහතා පැවසීය.

    එදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්අලංඝණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු ගණන 3,647කි.

    මහින්දෙ මල්ලිලා ගැන ආඩම්බරයෙන් මාලිංග තැබූ සටහන

    0

    කොළඹ ආනන්ද විද්‍යාලය පරාජය කළ ගාල්ල මහින්ද විද්‍යාලය අවුරුදු 19 පහළ පළමු කොටසේ බී කාණ්ඩයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (25) සවස සමත්විය.

    මෙවර තරගාවලිය ආරම්භයේ පටන් අවස්ථා කිහිපයක දී මහින්ද විද්‍යාලයීය 19 පහළ කණ්ඩායමට සිය විශේෂඥ දැනුම බෙදා දීමට ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග කටයුතු කළේය.

    ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකුවන ලසිත් මාලිංග තමන්ට විවේකයක් ලද සෑම මොහොතකම මෙසේ මහින්ද විද්‍යාලට පැමිණ තරුණ ක්‍රීඩකයන්ට මග පෙන්වයි.

    ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකුගේ උපදෙස් හා මගපෙන්වීම් ලැබීම හේතුවෙන් මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ ආත්ම විශ්වාසය මේ වන්විට දෙගුණ තෙගුණ වී තිබේ.

    මහින්ද විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ධනුෂ්ක දෙනගම කටයුතු කරන අතර ඔහු මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම දායාද කර තිබේ.

    ලසිත් මාලිංග පසුගිය දා සිය නිල ෆේස්බුක් ගිණුමේ ප්‍රකාශයක් කරමින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සූදානමින් සිටින තමන් මෙතෙක් රැස්කරගත් අත්දැකීම් හා දැනුම අනාගත ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම දරුවන් ක්‍රිකට් ක්‍රීඩකයන් කිරීමට වෙහෙසෙන දෙමාපිය වැඩිහිටියන් සමඟ බෙදා හදා ගැනීමට සූදානම් බව ද සඳහන් කළේය.

    එම කටයුත්ත මහින්දයෙන් ආරම්භ කළ ලසිත් මාලිංගට, ප්‍රතිඵලවලින් පිළිතුරු සැපයීමට මහින්ද ක්‍රීඩකයෝ ඊයේ දිනයේ සමත් වූහ.

    අවසන් පූර්ව තරගයට පෙර මහින්දෙ මල්ලිලාට ආත්ම ශක්තියක් වෙමින් මග පෙන්වූ ලසිත් මාලිංග, තරගය අවසානයේ සිය නිල වෙබ් පිටුවේ ඔවුන්ට සුබ පතමින් අපූරු සටහනක් තබා තිබිණි.

    හදවතින්ම ආඩම්බරයි. අවසන් තරගයට සුබ පැතුම් යැයි සඳහන් කරමින් මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සුබ පැතුම් එක් කළ ලසිත් මාලිංග ආනගත ක්‍රිකට් ලොව ජයගැනීමට වෙහෙසෙන මහින්ද ක්‍රීඩකයන් පිළිබඳ අතිශය සතුටට පත්වෙමින් තැබූ Facebook සටහන මෙසේය.

    Well done boys !! I am absolutely thrilled. Good luck with the final match. This is what I expected for the kids, from the beginning of the season. It is a great pleasure to guide you and I am thankful for this opportunity.
    -Before the match @Thurstan Grounds. Mahinda College
    හදවතින්ම ආඩම්බරයි . අවසන් තරගය සඳහා සුබ පැතුම්. 🦁
    #LasithMalinga #InspireAGeneration #99

    කොරෝනාවෙන් දරුවන් රැකගන්න ත්‍රීකුණාමලයේ පාසල් වසයි

    0

    ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසැල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට අද (25) සවස තීරණය කර තිබේ.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ ආරක්ෂක පියවරක් ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය විසින් අධ්‍යාපන බලධාරීීන් සමග කළ සාකඡාවකින් අනතුරුව මෙම පියවර ගෙන ඇත.

    මංගල උත්සවවලට අවසර

    0

    ඉදිරි දෙසතිය තුළ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම් වුවත්‌ මේ
    වන විට දින යොදාගෙන ඇති විවාහ
    මංගල උත්සව සඳහා අවසර හිමි වන
    බව යුද හමුදාපති ජෙනරාල්‌ ශවේන්ද්‍ර
    සිල්වා මහතා පවසයි.

    ඒ අනුව සෞඛ්‍ය උපදෙස්වලට අනුගත
    වෙමින්‌ එවැනි මංගල උත්සව පවත්වන
    ලෙස යුද හමුදපතිවරයා වැඩිදුරටත්‌ කීය.

    අවුරුදු සමයේ කැටගැසූ 22 කට කොරෝනා

    0

    වලල්ලාවිට පැලවත්තේ එකේ කණුව ප්‍රදේශයේ පැවැති අවුරුදු කැට පොලක මුදලට කැට ගැසූ 22 කට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    එම කැට පොලේ මුදලට කැට ගැසූ පුද්ගලයෙකු අසනීප වී රෝහල් ගත කිරීමෙන් අනතුරුව කළ පී.සී,ආර්. පරීක්ෂාවකදී ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයන් සොයා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැට පොල ගැන තොරතුරු අනාවරණයකර ගනිමින් කැට පොලේ සිටි පුද්ගලයින් හදුනා ගනිමින් ඒ අයව පී.සී.ආර්. පිරීක්ෂාවකට යොමුකර තිබේ. එහිදී පරීක්ෂාවට ලක්කල 22 දෙනෙකුටම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. ඒ අය වලල්ලාවිට, පැලවත්ත සහ මීගහතැනන යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    මේ අයට අමතරව තවත් විශාල පිරිසක් එම කැටපොලේ සිට ඇති බවත් ඒ අයවද හදුනා ගැනීමේ කටයුතුවල නිරතව සිටින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරති.

    යාපනයේ ලොකුම මත්කුඩු ඡාවාරම්කරු අල්ලයි

    0

    මුහුදු මාර්ග ඔස්සේ රැගෙන එන අයිස් මත්ද්‍රව්‍ය යාපනයේ සිට කොළඹට ප්‍රවාහනය කරන ඡාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද (25) සමත් විය.

    කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අද සවස කෝපායි හී නිවසක් සොදිසි කිරීමේදී අයිස් කිලෝ 05 ක් සමග පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන කෙරුණු ප්‍රශ්න කිරීමකදී යාපනය සහ කොළඹ අතර සිදුවන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු හෙළිවී තිබේ.

    ඒ අනුව මෙම ඡාවාරමේ ප්‍රධානියෙක් බව කියන බෝට්ටු හිමි ව්‍යාපාරිකයෙක් යාපනය 04 වැනි හරස් වීදියේදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 02 ක් සමග අත්අඩංගුවට ගත් බව යාපනය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පැවැසීය.

    මෙම බෝට්ටු හිමිකරුට බහුදින යාත්‍රා ඇතුළු බෝට්ටු 45 ක් පමණ ඇතැයි විමර්ශන වලින් හෙළිවී ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය. යාපනය සහ කොළඹ අතර කේරල ගංජා ඡාවාරමද මෙහෙයවන්නේ ද මෙම පුද්ගලයා බව බුද්ධි අංශ හදුනාගෙන තිබේ. ඉන්දියාවේ සිට බෝට්ටු මගින් කේරල ගංජා තොග මෙරටට රැගෙන එන්නේද මේ පුද්ගලයා බවටද තොරතුරු බුද්ධි අංශවලට ලැබී තිබී ඇත. ඒ සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයේදී මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු හෙළිවී තිබේ.

    යාපනය ගුරුනගර් හී පදිංචිකරුවෙක් වන බෝට්ටුහිමි ව්‍යාපාරිකයා ඇතුළු සැකකරුවන් දින 72 ක් රදවාගෙන විමර්ශන පවත්වන බව පොලීසිය සදහන් කරයි. මෙම අයිස් තොගය අලුත් අවුරුද්දට පෙර මෙරටට රැගෙන විත් ඇතැයි පොලීසිය සැකකරයි.

    පාසල් කටයුතු පෙර සැලසුම් කළ පරිදිම

    0

    අංජනා මල්ලවආරච්චි

    රජයේ සහ අනුමත පාසල් කලින් සැලසුම් කළ ආකාරයට අඟහරුවාදා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

    පාසලක එක පන්තියක සිසුන් පහලවක් වනසේ කණ්ඩායම් වශයෙන් සිසුන් පාසැල් වෙත කැඳවන බව ද බවද ලේකම්වරයා කීය.

    පාසල් වල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පාසල් බලධාරීන්ට උපදෙස් දී ඇති බවද ඔහු කීය.

    රජය රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයේ සියලු උත්සව තහනම් කළ ද පාසල්වලට එය බල නොපාන බව ද අධ්‍යාපන ලේකම්වරයා කීය.

    ඉදිරි දෙසතියේ රාජ්‍ය සහ පෞද්ගලික සියලු උත්සව තහනම්

    0
    covid

    අද(25) සිට ඉදිරි දෙසතියක කාලය තුළ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම් බව රජය නිවේදනය කරයි.

    එමෙන්ම පෞද්ගලික සාද, රැස්වීම් යන සියල්ලක්ම ද මේ අනුව තහනම් කර තිබේ.

    රට තුළ වේගයෙන් ඉහළ යන covid-19 වෛරසයේ පැතිරීම හමුවේ මෙම තීරණය ගෙන ඇත.