තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රිකට් සහ කෝප් ගැන ගත් අලුත්ම තීන්දු

    ක්‍රිකට් සහ කෝප් ගැන ගත් අලුත්ම තීන්දු

    ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතාවන් පිළිබද විමර්ශනය සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් (Select Committee) පත්කිරීම පිළිබදව ද අවධානය යොමුව තිබේ.

    පක්ෂ සහ විපක්ෂ සම සභාපතීත්වයක් යටතේ සහ සම කාරකසභා සාමාජික සංඛ්‍යාවක් යටතේ මෙම කාරක සභාව ස්ථාපිත කිරීම සදහා මෙහිදී එකඟත්වය පළ වූ බව පාර්ලිමේන්තු මහලේකම්වරිය පැවසුවාය.

    එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු අනෙකුත් ආයතන සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභා රැස්වීම් ඉදිරියට පැවැත්වීමටද තීරණය කර ඇත.

    යම් හෙයකින් කාරක සභා සභාපතීත්වය සම්බන්ධයෙන් පියවර ගන්නේ නම් එය කාරක සභා සාමාජිකයන්ගේ තීරණයක් පරිදි සිදුවිය යුතු බවටත් මෙහිදී සාකච්ඡා වී තිබේ.

    පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම සභාපතිත්වයෙන් ඉවත් කළ යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගිය දිනවල මැතිසබයේදී පවසා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img