fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවිධිමත් රැකියා කරන අයත් EPF එකට ගන්න සැලසුමක්

    අවිධිමත් රැකියා කරන අයත් EPF එකට ගන්න සැලසුමක්

    අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයන් සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක කරගැනීම පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවිය.

    සේවා අංශයේ අවිධිමත් අංශයේ රැකියාවන්වල නියුක්ත වූ පිරිස 60%ක් පමණ වේ.

    එම පිරිස ද සේවක අර්ථසාධක අරමුදලට දායක කරගැනීම මඟින් ඔවුන්ගේ සමාජ ආරක්ෂණය ඉහළ නැංවිය හැකිබවද කාරක සභාව අවධාරණය කරන ලදී.

    වර්තමානයේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවන ආයතන 80,000ක් පමණ කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වි ඇති බව කාරක සභාවේදී අනාවරණය විය.

    ඒ අනුව එම සමාගම් ගණන ප්‍රමාණවත් නොවන බව පෙන්වාදුන් කාරකසභා සභාපතිවරයා සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම සඳහා ලියාපදිංචි නොවූ සමාගම් සියල්ල හඳුනාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුනි.

    මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා(16) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ලක්කිරීමේ මූලික පියවර ගෙන ඇති බව කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ.

    මෙහිදී කම්කරු දෙපාර්තමේන්තුව විසින් මහ බැංකුවේ මුදල් මණ්ඩලය මඟින් සේවක අර්ථ සාධක අරමුදලේ සියළු තීරණ ගැනීම ගැටලුකාරී බව පෙන්වා දෙන ලදී.

    ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජනයක්,මහ බැංකුවේ මුදල් මණ්ඩලය තුළ පැවතීමේ වැදගත්කම එම නිලධාරීහු විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.

    කම්කරු දෙපාර්තමේන්තුවේ සහ මහ බැංකුවේ ක්‍රමවේදයන් අතර පවත්නා වෙනස්කම් හේතුවෙන් අර්ථසාධක අරමුදල් ලබාගැනීමේදී සාමාජිකයින් හට යම් යම් ගැටලුවලට මුහුණපෑමට සිදුවන බව මෙහිදී හෙළිවිය.

    සාමාජිකත්වය ලබාගැනීමේදී ඔවුන්ගේ තොරතුරු නිවැරදිව ඇතුළත් කිරීම සඳහා යම් එක් ක්‍රමවේදයක් සකස් විය යුතු බවද කාරකසභාවේදී සාකච්ඡා විය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න