fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කුඩු සලිඳුගේ හෙරොයින් කිලෝ 52 ක් ප්‍රවාහනය කරමින් සිටි ඹ්.අයි.සී අත්අඩංගුවට

    කුඩු සලිඳුගේ හෙරොයින් කිලෝ 52 ක් ප්‍රවාහනය කරමින් සිටි ඹ්.අයි.සී අත්අඩංගුවට

    අහංගම සිට කොළඹට හෙරොයින් කිලෝ 52 ක් ප්‍රවාහනය කරමින් සිටි දකුණු කළුතර පොලීසියේ උසාවි අංශයේ ස්ථානාධිපතිවරයාව පොලිස් මූලස්ථානයේ අපරාධ නිවාරණ හාා විශ්ලේෂණ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

    එම නිලධාරියා උප පොලිස් පරීක්ෂකවරයෙකි.

    ගමන් මළු තුනක දැමූ එම හොරොයින් තොගය මෝටර් රථයක දමාගෙන ප්‍රවාාහනය කර ඇත්තේ පොලිස් නිල ඇදුමින් සැරසීගෙනය. මෙම මත්කුඩු තොගය සලිදු නැමැති පානදුරේ නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව හෙළිවී තිබේ.

    අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක මහතාට ලද තොරතුරක් සම්බන්ධයෙන් දීඝව කළ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම දියත්කර තිබෙන බව පොලිස් මාාධ්‍ය ප්‍රකාශක වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    මෝටර් රථය හික්කඩුවේදී නතර කර පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී හෙරොයින් තොගය හමුවී ඇති අතර දීර්ඝ කාලයක් තිස්සේ ඔහු මෙම ඡාවාරම කරගෙන ගොස් ඇතැයි විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මෙම උප පොලිස් පරීක්ෂකවරයා මොරන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම ඡවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් බද්දේගම සහ ගාල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පානදුර උතුර පොලිස් වසමේ පල්ලිය මුල්ල ප්‍රදේශයේදී ඉකුත් ජනවාරි 25 වෙනිදා ධිවර කාර්මිකයෙකුට මහා දවාලයේ වෙඩි තබා ඝාතනය කිරීමත් සමග කුඩු සලිදුගේ නම කරලියට ‍ආවේය. එම අවස්ථාවේදී පානදුර කොට්ඨාශය භාරව එවකට සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා එම ඝාතනය පිටුපස කුඩු සලිදු සිටින බව හෙළිකර ගනිමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත්කරන විට එම නිලධාරියාව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරුකර යැවිණි. දැන් එම නිලධාරියා සේවයේ නිරතව සිටින්නේ විනිසුරු ආරක්ෂක කොට්ඨාශයයේ අධ්‍යක්ෂ ලෙසිණි.

    එම ස්ථාන මාරුවීම පටුපස කුඩු සලිදු සිටි බවත් කුඩු සලිදුට දේශපාලන බලයක් සහ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හා ඉතා කිට්ටු හිතවත් කමක් ඇති බවත් පොලීසිය තුළ ඒත් එක්කම දැඩි කථාබහක් ඇති විය. පානදුරේ වෙඩි තැබීමේ ගිනි අවිය යැයි කියා සුසාන භූමියකින්වෙනත් ගිනි අවියක් හමුවන්නේත් වෙඩික්කරුවන් ගමන් කළේ යැයි කියන යතුරු පැදිය යැයි කියා වෙනත් යතුරු පැදියත් බොල්ගොඩ ඔයෙන් ගොඩ ගන්නේත් ඒත් එක්කමය. අවසානයේදී වෙඩික්කරුවා බෝට්ටුවක නැගී ඉන්දියාවට පළාගිය බවත් යතුරුපැදිය පැදවූ පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොලින් ඩුබායි බලා ගමන් කළ බවත් හෙළිවිය.

    මෙම සිදුවීම් මාලාව වන විට හෙරොයින් තොගය ප්‍රවාහනය කළ උප පොලිස් පරීක්ෂකවරයා සේවයේ නිරතව සිට ඇත්තේ කළුතර නියෝජ්‍ය පොලිස්පති යටතේ පානදුරේ ස්ථාපිත කර තිබුණු විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයක ස්ථානාධිපතිවරයා ලෙසිනි. එම නිලධාරියාගේ කල්කියාව සම්බන්ධයෙන් ඇතැවූ සැකයක් මත එම ඒකකයෙන් ඉවත්කර සාමාන්‍ය රාජකාරි සදහා ඔහුව ස්ථාන මාරුකිරීමක් සිදුවී ඇති බවත් එම අවස්ථාවේදී සලිදුට රැකවරණය ලැබෙන දේශපාලනඥයා පොලීසියේ ඉහළ නිලධාරීන්ට දැඩි බලපෑමක් කර ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. කළුතර දකුණ පොලිස් ස්ථානයේ උසාවි අංශයේ ස්ථානාධිපතිධූරය ඔහුට ලැබී ඇත්තේ අනතුරුවය.

    මෙම මත්කුඩු ජාවාරම පිටුපස දැවැන්ත ජාලයක් ක්‍රියාත්මක බව මේ වන විට හෙළිවී තිබේ. එම ජාලයට පොලීසියේ තවත් පිරිස් සිටීමට ඉඩඇති බවට සැකයක්ද පවතී. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ වී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

     

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.