fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 42කට ජුලි මාසයේ දී නඩු පැවරේ

    පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 42කට ජුලි මාසයේ දී නඩු පැවරේ

    එළැඹෙන ජූලි මාසය තුළ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් සම්බන්ධයෙන් නඩු පැවරීමේ හැකියාවක් තිබෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

    පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් 42නෙක්ට හෝ ආසන්න පිරිසකට ජූලි මාසයේ මැද වන විට නඩු පැවරීමට හැකි බව හෙතෙම අවධාරණය කළේය.

    පසුගිය නීතිපතිවරයා නඩු පැවරීම් සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා නිකුත් වන තුරු සිටි බවත්, ඒවායේ පරස්පරතා ඇත්ද යන්න සෙයා බලා අධ්‍යයනය කර ඒ අනුව මෙම ප්‍රහාරයට වගකිවයුතු අයවලුන්ට ගැලවී යාමට අවස්ථාවක් නොදීමට සියලු සාක්ෂි අධ්‍යයනය කළ යුතු හෙයින් නඩු කටයුතු ප්‍රමාද වූ බවත්, අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

    ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ ගැඹුරින් අධ්‍යයනය කරන බැවින් ඒ සම්බන්ධයෙන් නීති කටයුතු කිරීමට සාමාන්‍යයෙන් ප්‍රමාදයක් පවතින බව අමාත්‍ය සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම ප්‍රහාරයෙන් අගතියට පත් ජනතාවට සාධාරණයක් ලබාදීමට හැකි සියලු නීතිමය කටයුතු සිදු කරන බව ‘පාස්කු ප්‍රහාරයේ අද සහ හෙට’ යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (18 දින) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.