fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වව්නියාව නගරාධිපති පොලිස් අත්අඩංගුවට

    වව්නියාව නගරාධිපති පොලිස් අත්අඩංගුවට

    වව්නියාව තානායමක කළමනාකරුවකුට සිදුවූ පහරදීමක් සම්බන්ධයෙන් වව්නියාව නගරාධිපති රාසලිංගම් ගෞතමන් යන අය අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ වව්නියාව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුවයි.

    නගරාධිපති වරයා විසින් එම තානායමේ සේවය කරන සේවකයන් දෙදෙනෙකු ට ද තර්ජනය කළ බවට පැමිණිලි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

    එම සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.