තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඇල්ල බලන්න ආ ජර්මන් තරුණියගේ ගමන් මල්ල කොල ්ලකෑ කුඩ්ඩා අල්ලයි

    ඇල්ල බලන්න ආ ජර්මන් තරුණියගේ ගමන් මල්ල කොල ්ලකෑ කුඩ්ඩා අල්ලයි

    මෙරට සංචාරයක් සඳහා පැමිණ ඇල්ල නැරඹිමට ගිය ජර්මන් ජාතික තරුණියකගේ ගමන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී කොල්ලකෑ පුද්ගලයකු බණ්ඩාරවෙල පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    දිවුලපිටිය අගලේ ගෙදර පදිංචිකරුවෙක් වන සැකකරු 31 හැවිරිදි වියේ පසුවන මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව පොලිසිය සඳහන් කරයි.

    ජර්මන් තරුණිය අවුරුදු 20ක් වයසැති තැනැත්තියකි. ඇය කණ්ඩායමක් සමඟ මෙරටට පැමිණ ඇත.

    ඇය දුම්රියේ ගමන්කරමින් සිටියදී මෙම කොල්ලය සිදුකර ඇත්තේ පෙරේදා සවස් කාලයේදීය.

    රුපියල් 30,000ක්, යුරෝ 100ක්, ජංගම දුරකථනයක් ඇතුළු රුපියල් ලක්ෂ4කට අධික දෑ එම ගමන් මල්ලේ තිබී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img