රංගල නාවික හමුදා කඳවුරෙන් 2021 වසරේදී අස්ථානගත වූ ටී 56 වර්ගයේ ගිනි අවියක් කුළියාපිටිය ඉළුක්හේනේ පිහිටි නාවික හමුදා සෙබලෙකුගේ නිවසකින් අද (16) අලුයම සොයාගෙන තිබේ.
නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සෙබලාගේ නිවස වටලා කළ පරීක්ෂාවේදී ගිනි අවිය හමුවී ඇතැයි කුලියාපිටිය පොලිසිය සඳහන් කළේය.
එම ගිනි අවිය රංගල නාවික හමුදා කඳවුරෙන් සිව් වසරකට පෙර අස්ථානගතවූ ගිනි අවිය බව හදුනාගැනීමෙන් අනතුරුව නිවෙස් හිමි නාවික හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇත.
එම සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් තිබෙන බවත් නාවික හමුදාව පාර්ශවයෙන් කෙරන විමර්ශන අවසන්වූ වහාම පොලිසියට භාරදීමට නියමිතව ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.