fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන ග්‍රාම නිලධාරියාගෙන්

    පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන ග්‍රාම නිලධාරියාගෙන්

    අංජනා මල්ලවාරච්චි

    2022 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් සම්පූර්ණ කිරීමේ දී අවශ්‍ය වන වසර පහක ඡන්ද හිමි නාම ලේඛන පිළිබඳ තොරතුරු ග්‍රාම නිලධාරිවරයා හමුවීමෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    ඒ අනුව 2022 වර්ෂයේ රජයේ පාසල් වලට පළමු වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය වන 2016, 2017, 2018, 2018, 2019 සහ 2020 යන වර්ෂවල ඡන්ද හිමි නාම ලේඛණවල තොරතුරු ග්‍රාම නිලධාරිවරයා සතුව තිබෙන අතර අන්තර්ජාල පහසුකම් භාවිතය මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk දරන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවද මැතිවරණ කොමිශන් සභාව කියයි.

    පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය වන ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු එලෙස ලබාගත් පසුව ඒවා ග්‍රාම නිලධාරි හෝ වෙනත් නිලධාරියකු මගින් සහතික කිරීමක් අවශ්‍ය නොවන බව එම ලබාගත් තොරතුරු අයදුම්පත් සමග විදුහල්පතිවරුන්ට යැවිය හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.