සිය පෙම්වතියට පහරදී තුවාල සිදුකල පොලිස් පෙම්වතෙකු ලිඳුල පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයෙකි.
මෙම නිලධාරියා තලවකැලේ පදිංචිකරුවෙකි. ඔහු එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණියක් සමග පෙම් සම්බන්ධයක් පවත්වන බව පොලිසිය කියයි.
නිවාඩු ලැබ නිවසට පැමිණ සිටියදී පොලිස් කොස්තාපල්වරයා පෙම්වතිය මුණගැසෙන්නට ගොස් ඇතිවූ ආරවුලක් මුල්කරගෙන පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය. තුවාල ලැබූ පෙම්වතිය ළිඳුල රෝහලට ඇතුලත්කර ඇත.