fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඇප ගන්න මහේස්ත්‍රාත්ට දෙන්න යැයි කියා 60,000 ක අල්ලසක් ගත් කොස්තාපල්ට වූ...

    ඇප ගන්න මහේස්ත්‍රාත්ට දෙන්න යැයි කියා 60,000 ක අල්ලසක් ගත් කොස්තාපල්ට වූ දේ

    මිනිස් ඝාතනයක් සම්බන්යෙන් බන්ධනාගාරගතව සිටි සැකකරුවන් තිදෙනෙකුට ඇප ලබාදීම සදහා මහේස්ත්‍රාත්වරයාට ලබාදීමට අවශ්‍ය යැයි සදහන් කරමින් රුපියල් 60,000ක මුදලක් කාන්තාවකගෙන් අල්ලස් ලෙස ලබාගත් කලවංචිකුඩි පොලීසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

    මඩකලපුව කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මෙම වැඩ තහනම කර ඇත්තේ පෙරේදා (04)ය.

    මෙම කොස්තාපල්වරයා මෙම මුදල ලබාගෙන ඇත්තේ පසුගිය නොවැම්බර් 18 වෙනිදාය. මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කළ විමර්ශනයකදී මෙම නිලධාරියා අල්ලස් මුදල ලබාගෙන ඇතැයි අනාවරණය වී තිබේ. මෙම නිලධාරියා මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂාවට යොදවා සිටියෙකි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරුණු දක්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img