ඉන්දීය සිනමා උළෙල ලබන 06 දා සිට10 වන දා දක්වා ශ්‍රී ලංකාවේ නගර රැසක පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
මේ කාලය තුළ තෝරා ගත් ඉන්දීය සිනමාපට ප්‍රදර්ශනය කෙරේ.
සිනමා උළෙල 2025 ජනවාරි 06 වන දින සඳුදා ප.ව. 6.30ට කොළඹ PVR සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘83’ චිත්‍රපටයෙන් ඇරඹේ.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, හම්බන්තොට සහ යාපනය ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් කාර්යාල විසින් කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය හා එක්ව සංවිධානය කරනු ලබන මෙම සිනමා උළෙලේදී නාට්‍යමය, ප්‍රේමණීය, ක්‍රියාදාම සහ ඓතිහාසික තේමාවන් රැගත් චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය කෙරේ. මෙම චිත්‍රපට ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ බහු විධ උරුමය පිළිබඳ අදහසක් ප්‍රේක්ෂකයාට ලබා දෙමින් ඉන්දීය සිනමාවේ විවිධත්වය සහ විචිත්‍රත්වය සමරයි.
කොළඹ නගරයට අමතරව බදුල්ල, යාපනය, ගාල්ල, කුරුණෑගල, මාතලේ, මාතර සහ නුවර එළිය ප්‍රදේශවල චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනු ඇත. ඇතුළුවීම නොමිලේ වන අතර ප්‍රවේශපත්‍ර සඳහා dir.icc.colombo වෙත ඊ-මේල් පණිවිඩයක් යොමු කිරීමෙන් ලබාගැනීමට හැකිය.