හම්බන්තොටජාත්‍යන්තරවරායේ (HIP) විශිෂ්ට RORO වාහන හැසිරවීම් සහ ප්‍රතිනැව්ගත කිරීමේ ආරක්‍ෂිත මෙහෙයුම් ක්‍රමවේදයන් ජාත්‍යන්තර ඇගයුමට ලක්ව ඇත.
2023/2024 මූල්‍ය වර්ෂය තුළ කිසිදු අනතුරකින් තොරව RORO මෙහෙයුම් සිදුකිරීම වෙනුවෙන් මිට්සුයිඕ.එස්.කේලයින්ස් (MOL) නැව් සමාගම, චෙන්නායිහි පැවති ඔවුන්ගේ වාර්ෂික ඉන්දියානු සහ ඉන්දියානු සාගර කලාපීය සිවිද්‍යෝරු (Stevedore) රැස්වීමේදී HIP වෙත සම්මාන පිරිනමන ලදී.
වරාය විසින් වාර්ෂිකව හසුරුවන මුළු RORO පරිමාවෙන් 10% කට සමානකොටසකට MOL නැව්සමාගම හිමිකම්කීම, ඔවුන් සමඟ සම්බන්ධතාවයේ උපාය මාර්ගික වැදගත්කම තවත් ඉස්මතු කරයි.
MOL හි විධිමත් ප්‍රමිතීන් සපුරාලමින්, එම සමාගමේ ලක්ෂ්‍ය 16 කින් යුත් යාත්‍රා සහ අංගන මෙහෙයුම් ලැයිස්තුවට අනුකූලවූ, විශේෂ ක්‍රියාපටිපාටීන් HIP අනුගමනය කරයි. එමෙන්ම RORO මෙහෙයුම් ක්‍රයාත්මක සහ පාලන පද්ධතියක්ද (BTOS) වරාය විසින් ස්ථාපිතකොට ඇත.
“ආරක්ෂිත ඇසුරුම් නොමැතිකමහේතුවෙන් RORO මෙහෙයුම්, බහාලුම්වල ප්‍රවාහනය කරන අනෙකුත් නිමි භාණ්ඩ වලට වඩා හාත්පසින්ම වෙනස්. එ නිසා අභියෝග රැසකට මුහුණදීමට සිදුවනවා. වාහන සහ යන්ත්‍ර සූත්‍ර ප්‍රතිනැව්ගත කිරීම සඳහා නෞකා අතර සෘජු්ව හුවමාරුවන නිසා, ඒවා අනතුරට භාජනයවීමේ ඉඩප්‍රස්ථා අධිකයි. එවැනි අවදානම් අවමකර, ආරක්ෂිත මෙහෙයුම් පවත්වාගෙන යෑම සඳහා, සූක්ෂමව සංවිධානයකරන ලද සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් අවශ්‍ය වෙනවා," යැයි හම්බන්තොටජාත්‍යන්තරවරායසමූහයේ (HIPG) මෙහෙයුම් සාමාන්‍යාධිකාරී ජෝයි ෆෙන්ග් මහතා පවසයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ HIPG හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා පවසන්නේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය දැනටමත් RORO මෙහෙයුම් සඳහා විශ්වාස දායක හවුල්කරුවෙකු ලෙස ස්ථාපිතවී ඇතිබවයි.
“අපගේ සේවාවන් අප හවුල්කරුවන් බලාපොරොත්තු වන ප්‍රවීණත්වය සහ විශිෂ්ටත්වයට වඩා ඉක්ම ගොස් තිබෙන බව සහතිකයි. එ නිසාම මෙම අංශය තුළ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාවය සඳහා මිණුම් දණ්ඩක් ලෙස HIP ස්ථාපිතවී අවසන්. අප අනුගමනයකරන උසස්ප්‍රමිතීන් MOL වැනි කර්මාන්ත දැවැන්තයින් මගින් ජාත්‍යන්තර පැසසුමට ලක්වීම, RORO අංශයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස අපගේ ස්ථාවරය තහවුරු කිරීමක්.”
HIP විසින් MOL නැව් සමාගමේ වාර්ෂික සිවිද්‍යෝරු රැස්වීමේදී මෙම සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය නොවේ. 2021/2022 සහ 2022/2023 මූල්‍ය වර්ෂ සඳහාද ඇගැයුම් සහතික ලබා ඇති වරායේ වත්මන් ජයග්‍රහණය, අඛන්ඩව මෙම සම්මානය දිනූ තෙවැනි අවස්ථාව වේ.