fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මළ ගෙදරකට ‍ගිය පිරිසකට වෙඩි - එක් අයෙක් මිය යි

    මළ ගෙදරකට ‍ගිය පිරිසකට වෙඩි – එක් අයෙක් මිය යි

    වැලිගම කප්පරතොදී අද අළුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් එක් අයෙක් රෝහල් ගතකර ඇත.

    කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පාගමනින් ගමන්කරමි සිටි පුද්ගලයන් 05 දෙනෙක් ඉලක්කරගෙන මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබේ.

    මාතර බන්ධනාගාරයේ දී බෝඅත්තක් කඩා වැටීමෙන් මියගිය අයෙකුගේ මළ ගෙදරට ගොස් පැමිණෙමින් සිටි පිරිසකට මෙසේ වෙඩි තබා ඇතිි බව පොලීසිය සඳහන් කළේය.

    මියගොස් ඇත්තේ අවුරුදු 26ක් වන කප්පරතොට පදිංචිකරුවෙකි. තුවාල ලබා සිිටින්නේ 29 හැවිරිදි වියේ පසුවන කප්පරතොටම පදිංචිකරුවෙකි.

    යතුරු පැදිකින් පැමිණි 03 දෙනෙකු අතර සිටියෙක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img