තවත්
    මුල් පිටුවදේශීය පුවත්නිවසකට පැන කාන්තාවකට අතවර කළ බුද්ධි නිලධ ාරියාව ගම්මු ගස්බැද පොලීසියට භාරදෙයි

    නිවසකට පැන කාන්තාවකට අතවර කළ බුද්ධි නිලධ ාරියාව ගම්මු ගස්බැද පොලීසියට භාරදෙයි

    බුද්ධි තොරතුරු රැස්කිරීමට යැයි කියා පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණ වීරගුල ඕගොඩපොල පිහිටි නිවසකට රිංගා කාන්තාවකට අතවර කළ පොලිස් සැරයන්වරයෙකුව ගම්වැසියන් විසින් අල්ලා පහරදී ගස් බැද පොලීසියට භාරදී ඇත.

    වීරගුල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත ගම්පහ කොට්ඨාශ බුද්ධි අංශයේ සේවයේ නිරත සැරයන්වරයෙකු මෙසේ ගස්බැද ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    ආවේක්ෂණ රාජකාරි සඳහා යන බව පවසමින් මෙම සැරයන්වරයා ඊයේ දහවල් පොලිස් ස්ථානයෙන් විටව ගොස් ඇති බව සඳහන්ය.

    එසේ පොලිස් ස්ථානයෙන් පිටව ගිය සැරයන්වරයා අදාල කාන්තාව පදිංචින සිටින නිවසට ඇතුළු වී ඇයට ලිංගික අතවර කර ඇති බවත් එහිදී ඇගේ කෑගැසීමේ හඩින් ගම්වැසියන් පැමිණ පොලිස් සැරයන්වරයා අල්ලා පහරදී ගස්බැද ඇති බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img