fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්රාජකාරි ගිනි අවිය විභාග මධ්‍යස්ථානයේ තබා රොන්දෙගැසූ රාළහාමිට වූ දේ

    රාජකාරි ගිනි අවිය විභාග මධ්‍යස්ථානයේ තබා රොන්දෙගැසූ රාළහාමිට වූ දේ

    කිලිනොච්චිය අක්කරායන්කුලම මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබුණු අ.පො.ස උසස් පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටියදී සිට පොලිස් කොස්තාපල්වරයෙකු ගිනි අවිය විභාග මධ්‍යස්ථානයේ තබා පුද්ගලික ගමනක් ගොස් සිටියදී හසුවී තිබේ.

    රාජකාරි අවිය වන ටී 56 අවිය සමඟ පතොරම් 120ක් සහිත පතොරම් ගැබ් 04ක් විභාග මධ්‍යස්ථානයේ තබා සිය පුද්ගලික කටයුත්තක් සඳහා ගොස් සිටි එම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට කිලිනොච්චිය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඊයේ පියවර ගත්තේය.

    මෙසේ වැඩතහනමට ලක්ව ඇත්තේ අක්කරායන්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ය.

    මෙම කොස්තාපල්වරයා සමඟ සැරයන්වරයකු අක්කරායන්කුලම මහා විද්‍යාලයේ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ආරක්ෂාවට පසුගිය 28 වෙනිදා යොදවා සිටියදී මෙසේ හැසිරී ඇත. මෙම නිලධාරියා සම්බන්ධයෙන් මෙයට පෙරද ගැටළු පැවති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img