fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සීගිරිය බලන්න විශාල සෙනගක් - දවසකට 10,000ක් එන වලු

    සීගිරිය බලන්න විශාල සෙනගක් – දවසකට 10,000ක් එන වලු

    නත්තල් නිවාඩුවත් සමඟ ලෝක උරුමයක් වන සීගිරිය නැරඹීම සඳහා දිනකට දහදහසකට අධික සංචාරකයන් පිරිසක් පැමිණෙමින් ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

    ඉකුත් දින කිහිපයේදීම සීගිරිය ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනු දක්නට ලැබිණී. මේ දින කිහිපයේද සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් වැල නොකැඩී පැමිණෙන අතර සීගිරි පව්ව තරණය කර නැවතත් පහළට බැසීම සඳහා අඩුම පැය පහක පමණ කාලයක් ගතවන බව සංචාරකයෝ පෙන්වා දෙති.

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු තුසිත හේරත් මහතා කියා සිටියේ මේ දිනවල අලුයම හතරයි තිහ පමණ වන විට සිගිරියේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන බවය.

    බොහෝ සංචාරකයන් අළුයම් කාලයේ ඉර සේවය බැලීම සඳහා පැමිණෙන බවත් දහවල් කාලයෙ සිගිරි පව්ව නගින පිරිස් රාත්‍රී නමය පමණ පසුවන තුරුත් සීගිරි පව්වේ තරණය කොට නැවත පහළට ගමන් කිරීම සිදුවන බවත් හේරත් මහතා සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img