fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්වැඩ බිමකදී විදුලි සැර වැදී 03ක් මියයයි - පලං චිය දිගේ විදුලි...

    වැඩ බිමකදී විදුලි සැර වැදී 03ක් මියයයි – පලං චිය දිගේ විදුලි සැර ඇවිත්

    කල්පිටිය මාම්පූරිය ප්‍රදේශයේ උත්සව ශාලාවක ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටි තිදෙනෙක් අද (29) රාත්‍රී 8.00ට පමණ විදුලි සැර වැදී මියගොස් ඇත.

    විදුලිසැර වැදුණු තවත් අයෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන නොරොච්චෝලේ පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

    රාත්‍රී කාලයේ සිදුකරනු ලබන ඉදිකිරීම් සඳහා විදුලිය ලබාගත් වයරයක් පලංචියක යකඩ කණුයත් බිමත් අතර සිරවී තිබී ඇති බව පොලීසිය කියයි. සේවකයන් සිව් දෙනා පලංචියට ගොඩවන විට විදුලි වයරය ඔවුන්ගේ බරට බිමත් යකඩ කණුවත් අතර තෙරපී පලදු වී ඒතුළින් විදුලි සැර පලංචියේ යකඩ ඔස්සේ ගමන්කර ඇති බව පොලිසිය සඳහන් කරයි. එහිදී විදුලි සැර වැදුණු පලංචියට ගොඩවූ සිව් දෙනාම රෝහලට රැගෙන ගියද තිදෙනෙක් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img