උත්සව සමයේදී රටතුළ සිදුවන රිය අනතුරු අවමකර ගැනීමට කළ විශේෂ රථවාහන මෙහෙයුමට ගෙවී ගිය සතියක කාලය තුළ රථවාහන වැරදි කළ රියදුරන් 25,000ක් පමණ කොටුවී තිබේ.
මෙම මෙහෙයුම් පොලිසිය විසින් ආරම්භකරනු ලැබුවේ පසුගිය 23 වෙනිදාය. අද සවස් වන විට මෙම මෙහෙයුමට හසුවූ රියදුරන් ගණන 25,000ක් පමණ වන බව පොලිස් රථවාහන මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම මෙහෙයුම් හේතුවෙන් වෙනත් වාර්ෂයන්ට සාපේක්ෂව මාරක සහ බරපතල රිය අනතුරු විශාල වශයෙන් පහළ ගොස් ඇති බවද එම නිලධාරියා පැවසීය.
රථවාහන වැරදි කළ රියදුරන් 8068 ක් අද (29) උදෑසන 6.00න් අවසන් වූ පැය 24තුළ නීතියේ රැහැනට හසුකරගෙන ඇති බවද එම නිලධාරියා කීය.
බීමත් රියදුරන් 401 දෙනෙකු, අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමට අදාල රියදුරන් 53 දෙනෙකු, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 48 දෙනෙකු, මාර්ග නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1350 ක්, බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 865 ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5351 ක් වශයෙන් සමස්ත රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 8068 ක් නීතියේ රැහැනට හසුකරගෙන නීතිය ක්‍රියාත්මක කර ඇත.