fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මහේස්ත්‍රාත් සහෝදරයා කෝටියක අල්ලස් අරන්

    මහේස්ත්‍රාත් සහෝදරයා කෝටියක අල්ලස් අරන්

    කොළඹ -7 ටොරින්ටන් හී පිහිටි ඉඩමක් මාර්ග සංවර්ධන අධිකාරියට පවරා දී එම ඉඩමේ වටිනාකමට හිමි රුපියල් කෝටි 06කට ආසන්න මුදලක් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගැනීමට සහය වී ඒ ලද මුදලින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථාවේදී ඉඩම් ව්‍යාපාරයක නිරත දෙදෙනෙක් අල්ලස් කොමිෂමේ නිලධාරීන් විසින් අද අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත්තේය. පිටකෝට්ටේ පිහිටි අවන්හලකදී මෙම මුදල ලබාගන්නා අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන තිබෙන බව අල්ලස් කොමිෂමේ තොරතුරු සඳහන් කළේය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොතටුව සහ මහරගම පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන් අතර සිටින එක් අයෙක් රටම දන්නා මහේස්ත්‍රාත්වරයෙකුගේ සහෝදරයෙක් බව අල්ලස් කොමිෂන් සභාවේ තොරතුරු සඳහන් කරයි. 
    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img