fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීසියේ දෙන්නෙකුට වැටෙන්න පයින් ගැසූ නිළි සැමියා අත්අඩංගුවට

    පොලීසියේ දෙන්නෙකුට වැටෙන්න පයින් ගැසූ නිළි සැමියා අත්අඩංගුවට

    පැමිණිල්ලක් විභාග කිරීමට මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන මහේෂි මධුසංකා මහත්මියගේ නිවසට ගිය බොරලැස්ගමුව පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට ඇගේ සැමියා විසින් බිම ඇද වැටෙන්නට පා පහරක් එල්ලකර ඇත.

    නිලි සැමියාගෙන් එසේ පහරකෑමට ලක්ව ඇත්තේ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙකි. ඔවුන් දෙදෙනා තුවාල ලබා ප්‍රතිකාර ගැනීමට කළුබෝවිල රෝහලට ඇතුලත්කර තිබේ.

    මේ සම්බන්ධයෙන් රංගන ශිල්පී මහේෂි මධුසංකාගේ සැමියා වන ගුවන් හමුදාවේ හිටපු ගුවන් නියමු සම්පත් චිමික බණ්ඩාර දිසාකායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

    පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ඉකුත් 19 රාත්‍රී රංගන ශිල්පී මහේෂි මධුසංකා විසින් බොරලැස්ගමුව පොලිසියට දුරකථනයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව රාත්‍රී ජංගම සංචාරයේ සිටි පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුළු නිලධාරීන් තිදෙනෙක් බොරලැස්ගමුවේ පිහිටි නිවසට ගොස් තිබේ.

    නිවෙසේ ආලින්දයේ පුටුවක හිද පැමිණිල්ල සටහන් කර ගනිමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී ඇති ඇගේ සැමියා විසින් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බව පොලීසිය සඳහන් කරයි. ඔහුව පාලනයකර අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩි පරීශ්‍රමයකින් අනතුරුවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img