fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මංගල සාදය අධිවේගයේදී අවමගුලක් වූ හැටි

    මංගල සාදය අධිවේගයේදී අවමගුලක් වූ හැටි

    මංගල සාදයකට සහභාගිවී සිය නිවෙස් කරා ගමන්කරන පිරිසක් රැගත් වෑන් රථයක් දක්ෂිණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ බද්දෙගම පිවිසුම් අතර ප්‍රදේශයේදී ලොරියක ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් සිව් දෙනකු තුවාල ලබා තිබේ.

    අනතුරින් මියගොස් ඇත්තේ ගාල්ල කොටුව පල්ලිය පාර පදිංචිව සිටි එම්. ටි. නසීර් (64) හා බෙලිගම වැලිපිටිය අනිකට් හේන පදිංචිව සිටි සිත්ති මර්ලියා (75) යන අයවලුන්ය.

    මියගිය සහ තුවාල ලැබූවන් පිරිස වැල්ලවත්ත ප්‍රදේශයේ ප්‍රදේශයේ පැවති මංගල සාදයකට පෙරේදා සහභාගි වී සිය නිවෙස් කරා ගමන්කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. ඉදිරියෙන් ධාවනය වෙමින් තිබුණු ලොරි රථයක බද කොටසේ වෑන් රථය ගැටී ඇත.

    වෑන් රියැදුරට නින්දයාම හේතුවෙන් මෙම අනතුර වී ඇති බව පොලිසිය සැකකරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img