තමන් සේවයේ නිරත පාසලේ සිසුන්ට මුදල් ලබාගෙන පුද්ගලික පංති පැවැත්වීම .හනම් කරමින් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත්කර ඇත.
ඊට අනුව පාසල් වේලාව තුළදීත්, පාසල් වේලාවෙන් පසුවත් සති අන්ත නිවාඩු දිනවලත් රජයේ නිවාඩු දිනවලත් ආදිය කිසිසේත්ම මුදල් ලබාගෙන සිසුන්ට උපකාරක පංති පැවැත්වීම තහනම්ය.
මෙම නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් දැඩි වින්‍යානුකූල පියවර ගැනීමට නියමිත ය.
මෙසේ පළාත් පාසල් ගුරුවරුන් සම්බන්ධයෙන් මුලින්ම මෙවැනි නීතියක් ගෙන ආවේ මධ්‍යම පළාතෙනි. පසුව සබරගමුව, උතුරු මැද සහ දකුණු පළාත්වල පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ද චක්‍රලේඛ නිකුත් කරමින් රජයේ පාසල් ගුරුවරුන්ට තම පාසලේ සිසුන් සදහා අමතර පන්ති පැවැත්වීම තහනම් කරනු ලැබීය.