fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්හිටපු ජනපති රනිල්ට සුබ පතන්න ගිය ලංගයේ හය දෙනෙකුට වූ දේ

    හිටපු ජනපති රනිල්ට සුබ පතන්න ගිය ලංගයේ හය දෙනෙකුට වූ දේ

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභ පැතීමට ලංගම බස් රථයකින් රජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලය අසලට ගිය හොරණ ඩිපෝවේ කළමණාකරුවෙකු ඇතුළු හය දෙනෙකු ගේ වැඩ තහනම් ඇත.

    මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ හොරණ ඩිපෝ කළමණාකරු , සහකාර කළමණාකරු (පාලන) සහ තවත් සේවකයින් සිව්දෙනෙකු ගේය.

    පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභපැතීම සහ සහය පලකිරීම සදහා NB 6182 දරණ හොරණ ඩිපෝවට අයත් බස් රථයෙන් ඔවුන් හයදෙනා රාජකාරි කාලය තුලදී රාජගිරිය දක්වා ගමන්කර ඇති බව සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img