පාද හතර හා හිස කොටස කැපූ කඳුකර කොටියෙකුගේ සිරුරක් හැටන් පොලිස් වසමේ ප්‍රෝඩයිස් වත්තේ තිබී හමුවී ඇත.
කොටියා මරා දමා පාද හා හිස කපා රැගෙන ගොස් ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන හැටන් පොලීසිය සඳහන් කරයි.
මේ සම්බද්ධයෙන් හැටන් අධිකරණයට කරුණු වාර්තා කළ බවත් කොටියා මැරූ අය සොයා විමර්ශන ආරම්භකර ඇති බවත් හැටන් කොට්ඨාශයභාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා සඳහන් කළේය.