fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති මන්දිර - මැතිඇමති බංගලා ගැන තීරණයක් ගනී

    ජනපති මන්දිර – මැතිඇමති බංගලා ගැන තීරණයක් ගනී

    රජයට වැය බරක් වන ජනාධිපති මන්දිර, විසුම්පාය, ඇතුළු නිල නිවාස පිළිබඳව රජය තීරණයක් ගෙන තිබෙන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    ඒ අනුව, රජයේ දේපළ නඩත්තුවට විශාල මුදලක් වැය කර ඇත.

    නමුත්, එම දේපළ ඌණ උපයෝජන තත්ත්වයක පවතින බැවින් එම පරිශ්‍රයන් හා නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීමට හැකිවන පරිදි යෝග්‍ය ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

    රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පරිපාලන බලධාරිත්වය යටතේ රජයේ බංගලා නිවාස 50ක් කොළඹ 07 සහ 05 යන ප්‍රදේශවල පිහිටා තිබේ.

    හිටපු ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා මෙම බංගලා නිවාස වෙන් කිරීම මෙතෙක් සිදුවිය.

    එසේම, ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරිත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපති මන්දිර පිහිටා ඇත.

    එහෙත්, කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර නිරන්තර භාවිතයට ගෙන නොමැති බවට සඳහන් වේ.

    ඊට අමතරව, රාජ්‍ය නායකයින් ගණනාවකගේ නිල නිවස ලෙස භාවිතයට ගත් කොළඹ 02 හි පිහිටා ඇති විසුම්පාය මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලනය යටතේ පවතී.

    එසේම, අග්‍රාමාත්‍ය කාර්යාලයේ පරිපාලනය යටතේ නුවරඑළියේ අග්‍රාමාත්‍ය නිල නිවාසයක් පවතී.

    ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙසයි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img