fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පහරදීමක් මුල්කරගෙන චුන්නාගම් OIC මාරුකරයි - පොලීසියේ සිව් දෙනෙකුගේ වැඩ තහනම්

    පහරදීමක් මුල්කරගෙන චුන්නාගම් OIC මාරුකරයි – පොලීසියේ සිව් දෙනෙකුගේ වැඩ තහනම්

    පොලිස් නිලධාරියකු රිය අනතුරකින් තුවාල ලැබීමෙන් අනතුරුව එය මුල්කරගෙන වෑන් රථ රියදුරෙකුට හා රිය සහයකට කළ පහරදීමක් මුල්කරගෙන චුන්නාගම් පොලීසියේ ස්ථානාධිපතිවරයා යාපනයට ස්ථානමාරුකරමින් පහරදුන් බව කියන පොලිස් නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කිරීමට යාපනය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.

    චුන්නාගම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙකුගේත් සැරයන්වරයකුගේත්, කොස්තාපල්වරු දෙදෙනෙකුගේත් වැඩ මෙසේ තහනම්කර ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය. ‍

    මෙම පහරදීම මුල්කරගෙන පසුගිය 09 වෙනිදා මහා මැතිවරණයට උතුරු පළාතෙන් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් ව සිටින පුද්ගලයකු සහ පක්ෂ නායකයෙකු ඇතුළු 50 පමණ පිරිසක් චුන්නාකම් පොලිස් ස්ථානය ඉදිරිපිටට රැස්වී පහරදීම සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් ඉල්ලා ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය 09 වෙනිදා සවස චුන්නාකම් ප්‍රදේශයේදීය.

    කන්කසන්තුරය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයෙක් සිය පුද්ගලික යතුරුපැදියෙන් යාපනය දෙස සිට කන්කසන්තුරය දෙසට ගමන්කරමින් සිටියදී වෑන් රථයේ ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img