ලග්ගල දේවාලදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටින කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට මුහුණු ආවාරණයකරගෙන කඩාවැදුණු කොල්ලකරුවන් 05 දෙනෙක් රුපියල් කෝටි 07ක් පමණ වටිනා මුදල් හා දේපොල කොල්ලකා පළාගොස් ඇත.
මෙම කොල්ලය සිදුව ඇත්තේ ඊයේ (10) රාත්‍රී කාලයේදීය.
රුපියල් කෝටි 02ක මුදල්, රුපියල් කෝටි 03ක් පමණ වටිනා මැණික් ගලක් හා රන් භාණ්ඩ තොගයක් මෙසේ කොල්ලකා ඇති බව ලග්ගල පොලීසිය සඳහන් කළේය.
කොල්ලකරුවන් පළාගොස් ඇත්තේ නිවසේ තිබුණු මෝටර් රථයක්ද රැගෙනය. එම මෝටර් රථය තලකිරියාගම ප්‍රදේශයේ අතහැර ගොස් තිබියදී සොයාගෙන ඇත.
කොල්ලකරුවන් නිවසට ඇතුළුවී ව්‍යාපාරිකයා, බිරිඳ හා ව්‍යාපාරිකයාගේ පියාගේ දෑත් දෙපා ගැටගසා මෙම කොල්ලය සිදුකර ඇති බවත් කොල්ලකරුවන් සුහඳව කථාබහේ නිරතව සිට ඇති බවත් විමර්ශනයේදී තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම කොල්ලය බොහෝ විට ව්‍යාපාරිකයා දන්නා හඳුනන පිරිසක් විසින් සිදුකර ඇතැයි පොලීසිය සැකකරයි.