ඉන්දියානු කොන්සල් ජනරාල් නිල නිවසේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටියදී ගිනි අවිය මුරකුටියේ තබා රාජකාරී ස්ථානයෙන් බැහැරව ගොස් සිටි කතරගම පොලිස් ස්ථානයට අනුයුක්ත සැරයන් වරයෙකුගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි.
ටී පනස් හය ගිනි අවිය සහ පතුරම් අනූවක් සහිත මැගසින් තුනක් වගකීම් විරහිතව මුර කුටියේ තබා මෙම සැරයෙන් වරයා පුද්ගලික කටයුත්තක් සඳහා පිටව ගොස් තිබුණු බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මෙම නිලධාරියා පසුගිය හයවෙනිදා අලුයම හයේ සිට සවස හය දක්වා ජෙනරාල් නිල නිවසේ ආරක්ෂක රාජකාරී සඳහා යොදවා සිත ඇත. ගිනි අවිය සහ පතුරුම් මුරකුටියේ තබා ඔහු පිටව ගොස් ඇත්තේ උදෑසන 8.30 ට පමණ බව පොලිසිය කියයි.