ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඩුබායි ගොස් නැවත පැමිණෙමින් සිටි ගුවන් මගියෙකුගේ ගමන් මල්ලක තිබූ රුපියල් ලක්ෂ විසි හතකට අධික වටිනාකමක් ඇති රන් පෙන්ඩන් හතරක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සොරාගත් කාන්තාවක් ගුවන්තොටුපල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන සොරා ගත් රන් භාණ්ඩ ද සොයාගෙන ඇත.
මෙම සොරකම සිදුව ඇත්තේ ගුවන්තොටුපළේ මගී පැමිණීමේ පර්යන්තයේ ආලින්දයේදී පසුගිය 6 දා උදෑසන බව පොලිසිය සඳහන් කරයි.
වයස අවුරුදු 34 ක් වන එම කාන්තාව වැල්ලම්පිටිය මීතොටමුල්ලේ පදිංචිකාරියකි. මෙම කාන්තාවද ව්‍යාපාරිකයා සමඟ ඩුබායි ගිය කණ්ඩායමේ අයෙක් බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මෙම කාන්තාව ව්‍යාපාරිකයා විසින් ගුවන්තොටුපොළේදී කරත්තයක දමාගෙන පිටතට රැගෙන එමින් තිබූ බෑගයක ආරක්ෂිතව දමා තිබුණු රන් පෙන්ඩන් හතර සොරකම් කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ග්‍රෑම් 1 19ක් පමණ වූ බරක් සහිත එම පෙන්ඩන් හතර ව්‍යාපාරිකයා ඩුබායිහිදී මිලදීගෙන තිබූවක් බව සඳහන්ය. එම රන් භාණ්ඩ බෑගයේ ඇති බව දැන සිටි කාන්තාව එය සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.