නුවරඑළිය රෝහල ඉදිරිපිට ඇති විදුලි පහන් කණුවක මගී බස් රථයක් ගැටී සිදු වූ රිය අනතුරක් පරීක්ෂා කර බලා රථ වාහන අංශයේ නිලධාරීන් පැමිණෙනතුරු බස් රථය රැගෙන නොයන ලෙස දැනුම් දීමක් කළ නුවරඑළිය පොලිස් මුරපොලේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බස් රථයේ කොන්දොස්තර සහ රියදුරු සමග ව්‍යාපාරිකයෙක් නුවරඑළිය පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රි කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පහර කෑමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා අවුරුදු පනස්තුනක් වන මහනුවර දොරගමුවේ පදිංචිකරුවෙකි. රියදුරු බොරලන්දේ පදිංචි අවුරුදු හතළිස් පහක් වයසැති අයෙක් වන අතර කොන්දොස්තරවරයා කූඩලු ඔය පදිංචි 44 හැවිරිදි වියේ පසුවන්නෙකි.
පොලිස් නිලධාරියකුට පහරදී රාජකාරියට බාධා කිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.