fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විනාශකාරීන් පරදන්න රනිල්-සජිත් එක්වන්නැයි ඉල්ලා කළකිරුණු පොහොට්ටු මන්ත්‍රී ස්වාධීන වෙයි

    විනාශකාරීන් පරදන්න රනිල්-සජිත් එක්වන්නැයි ඉල්ලා කළකිරුණු පොහොට්ටු මන්ත්‍රී ස්වාධීන වෙයි

    spot_img

    තමන් අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

    අද (04) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

    එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට පෙර පවත්වන අවසන් පාර්ලිමේන්තු සැසිය වන අද දිනයේදී තමන් ඉතා කනගාටුවෙන් මෙම ප්‍රකාශය කරන බවයි.

    මෙම අවස්ථාව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදුවන අවස්ථාවක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කණ්ඩායමට රට නැවත වතාවක් ගිනිතැබීමට ඉඩ නොතබා සියලු දෙනා එකතු වන ලෙස ද හෙතෙම කීය.

    මේ රට විනාශ කළ අශුද්ධ කණ්ඩායමක් (ජාතික ජනබලවේගය සමඟ එක්ව සිටින කණ්ඩායම) සමස්ත ජනතාවගේ මොළ ශෝධනය කොට, බොරු සමාජගත කරමින් රට විනාශයකට ගෙනයමින් සිටින බව ද හෙතෙම අවධාරණය කළේය.

    “අපිට පේනවා මේ විනාශය, ‍මේ විනාශය පේන අවස්ථාවේදී අත්දෙක එකතු කරලා මම ඉල්ලනවා පුළුවන් නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි ජනාධිපතිතුමයි එකතු වෙන්න.” යනුවෙන් මන්ත්‍රීවරයා මෙහිදී අවසන් වශයෙන් ඉල්ලා සිටියේ ය.

    සබැඳි පුවත්
    රනිල්-සජිත් එක්වෙයි? අනුර පැරදුණොත් නායකකමත් වැටඋඩ

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img