fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPරනිල්-සජිත් එක්වෙයි? අනුර පැරදුණොත් නායකකමත් වැටඋඩ

    රනිල්-සජිත් එක්වෙයි? අනුර පැරදුණොත් නායකකමත් වැටඋඩ

    spot_img

    ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාට සහය දක්වන රාජ්‍ය අමාත්‍යවරයෙකි. ඔහු පසුගියදා තමන්ට හිතවත් රාජ්‍ය අමාත්‍යවරයකුට දුරකත ඇමතුමක් ගත්තේය. එම රාජ්‍ය අමාත්‍යවරයා සහය දක්වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය.

    “මචං… මොකද වෙන්නෙ. මාලිමාව කප්එක උස්සයිද?” ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂට සහය දක්වන රාජ්‍ය අමාත්‍යවරයා විමසීය.

    “උඹල කරපු වැඩේ නිසානේ මේ ඔක්කොම. අපි එකට හිටියනම් අපේ ඡන්ද කැඩෙන්නෙ නැහැ. අපි ඕක කොච්චර තේරුම්කරල දුන්නද? ඒත් උඹල ඇහුව්වෙ නැහැනේ.” ජනාධිපතිවරයාට සහය දක්වන රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    “ඒක තමයි බං. පොඩි බයකුත් තියෙනවා. උන් ආවොත් මොකක් වෙයිද දන්නෙ නැහැ.” නාමල්ට සහය දක්වන රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ විස්සෝපයෙනි.

    “දැන් බයවෙලා වැඩක් නෑ. එන විදියකට මුහුණ දෙමු” එසේ කියූ ජනාධිපතිවරයාට සහය දක්වන රාජ්‍ය අමාත්‍යවරයා දුරකතනය විසන්ධි කළේය.

    දොම්පෙට එන පාර වැසෙයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ රැස්වීමක් ඉකුත් ඉරිදා පැවැත්වුනේ දොම්පේ ආසනයේය. ඇමති ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි එය සංවිධානය කර තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකය.

    ධාරාණිපාත වර්ෂාව නොතකා මෙම රැස්වීම සඳහා අති විශාල ජනතාවක් සහභාගී වී සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම රැස්වීමට පැමිණීමට නියමිතව සිටියේ හලාවත සිටය. එහෙත් අධික වැස්ස හේතුවෙන් ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය දොම්පේ බලා ගුවන්ගත කිරීම අවධානම් බව ගුවන් නියමුවන් ජනාධිපතිවරයාට දැනුම් දුන්හ.

    ඇමති ප්‍රසන්නට ජනපතිගෙන් ඇමතුමක්

    මේ වනවිට ඇමති ප්‍රසන්න රණතුංග, මිලාන් ජයතිලක, සහන් ප්‍රදීප් ඇතුළු ගම්පහ දිස්ත්‍රික් මැති ඇමතිවරුන් සිටියේ ජනාධිපතිවරයා පිළිගැනීමට පෙරමඟ බලාගෙනය. මේ අතරවාරයේ ඇමති ප්‍රසන්නට ජනාධිපතිවරයාගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි.
    “ප්‍රසන්න වැස්ස නිසා චොපර් එකට එන්න අමාරුයි. හැබැයි මම කොහොම හරි ඔතෙන්ට එනවා.” ජනාධිපතිවරයා කීය.

    “අවදානමක් ගන්න එපා සර්.. සර් හෙමිහිට එන්න. අපි එතකන් මෙතන අල්ලන් ඉන්නම්” ඒ ඇමති ප්‍රසන්නය.

    “මම අනිවාර්යයෙන්ම එනවා.” කී ජනාධිපතිවරයා දුරකතනය විසන්ධි කළේය.
    ඒ අනුව ඇමති ප්‍රසන්න රැස්වීම අමතන අතරදී ජනාධිපතිවරයා දොම්පේ රැස්වීමේ වේදිකාවට ආවේ ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර මැදය.

    රනිල් – සජිත් එක්වෙයි?

    මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කඳවුරු දෙකක සටන් කළද මේ දෙදෙනාම සිටියේ එකම කඳවුරක ය.

    ජනාධිපතිවරයාගේ හා විපක්ෂනායකවරයාගේ කඳවුරු දෙක එකට එක්විය යුතු බවට දෙපාර්ශවයටම යෝජනා ඉදිරිපත්ව තිබුණේ කලක සිටය. ජනාධිපතිවරණ උණුසුමත් සමඟ ඒ යෝජනාවට නැවත පණ ලැබී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරණ උණුසුම මැදම රනිල් – සජිත් එකම වේදිකාවට ගැනමට උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවය.

    මේ සඳහා ජනාධිපතිවරයාට හා විපක්ෂනායකවරයාට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයන් මෙන්ම ප්‍රබල දේශපාලඥයන් කිහිප දෙනෙකුම පෙරමුණ ගෙන සිටින බවද වාර්තා වේ.

    දැනටමත් මේ සම්බන්ධයෙන් දෙපාර්ෂවයේම සාමාජිකයන් සාකච්ඡා වට ගණනාවක්ම පවත්වා ඇති අතර, යම් හෙයකින් මෙම සාකච්ඡාවන් සාර්ථක වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊළඟ ආණ්ඩුවේ ඉහළම තනතුරු බෙදී යාම සිදුවනු ඇතැයි ද වාර්තා වෙයි.

    උවිඳුට ආ පණිවිඩය

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකි. ඔහු ඉකුත් දිනයක ජ.වි.පෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත්‍රයා වූ 71 දෙවැනි පරපුරේ නායක උවිඳු විජේවීර හමුවිය.
    “මල්ලි මොකද මේ දවස්වල කරන්නේ” හිටපු නියෝජ්‍ය ඇමතිවරයා උවිඳුගෙන් විමසීය.

    “මුකුත් නෑ අයියේ. අපි පවතින තත්ත්වය ගැන අධ්‍යයනය කරනවා. මේ ජනාධිපතිවරණ ප්‍රථිඵලය අනුව අපි ඉදිරි පියවර ගන්වා. කොහොමද ඔයාලගේ වැඩපිළිවෙල”.

    “අපිත් බලාගෙන ඉන්නවා. ඡන්දෙ මොකක් වෙයිද කියල. මේක පැරදුනොත් අනුර ගෙදර. ඊට පස්සේ නායකයා වෙන්නෙ ඔයාටත් හිතවත් කෙනෙක්. එහෙමවුණොත් අපි එකට එකතුවෙලා වැඩ කරමු. මම ඒ පණිවිඩය දෙන්නයි ආවේ” හිටපු නියෝජ්‍ය ඇමතිවරයා කීය.

    අනතුරුව දෙදෙනා ඒ සම්බන්ධයෙන් හා පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර තාවකාලිකව සමුගත්තේ නැවත ඉක්මනින්ම හමුවීමේ එකඟතාවය මතය.
    ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරණය පරාජයට පත්වුවහොත් වත්මන් පක්ෂ නායක අනුර කුමාර දිසානායකගේ නායකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු තීරණ ගනු ඇති බවය.

    දහම් සිරිසේනගේ අනාගතය?

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ දිනවල වෙහෙසෙන්නේ තම පුත් දහම් සිරිසේනගේ දේශාපලන අනාගතය වෙනුවෙනි. මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුද අහිමිව සිටින හිටපු ජනාධිපතිවරයා තම පුත්‍රයාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟද කතා බහ කිරීම‍ට උත්සාහ දැරීය.

    එහෙත් එම දේශපාලන පක්ෂ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමටද කැමැත්තක් දැක්වූයේ නැත.

    “තාත්තගේ කල් කිරියාව අන්තිමයි. එහෙම එකේ පුතා අරගෙන අපිට පරිප්පු කන්න බෑ” පක්ෂ කිහිපයක නියෝජිතයන් කියා තිබුණි.

    මාස තුනකට කලින් හැදූ නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දොරට වැඩුම සඳුඳා පැවැත්වුනේ අලුතින් විවෘත්ත කළ රත්නදීප හෝටලයේය. විශේෂත්වයනම් මාස තුනකට පෙර මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසීම ආරම්භ කිරීමය.

    එරන්ද ගිණිගේ, මිලින්ද රාජපක්ෂ, ආචාර්ය හර්ෂ ද සිල්වා, මහින්ද පතිරගේ ඇතුළු පිරිසක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසීමට දායකවිය. ඔවුහු ලෝක බැංකු නියෝජිතයන් පවා හමුවී සාකච්ඡා කර අදහස් හා යෝජනා ලබාගත්හ.

    ජනාධිතිධූර අපේක්ෂකයා කවුරුන් වුවත් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු බව පක්ෂ නායකයෝ මුල සිටම විශ්වාස කළහ. මාස තුනකට පෙර ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසීම ආරම්භ කළේ එබැවිනි.

    ප්‍රතිපත්ති ප්‍රකාශය සකසා අවසන් කළ ප්‍රතිපත්ති සම්පාදකයෝ එය පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂට හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පෙන්වූයේ අනුමැතිය ලබාගැනීමටය.

    “මම ඩිජිටල් ඇමති විදියට පටන්ගත්ත වැඩ හුඟාක් අතරමඟ නතර වෙලා. ඒ අලුත් ලෝකයට ගැලපෙන අලුත් වැඩ. ඒවා නැවත ආරම්භ කර ඉදිරියට කරගෙන යෑම ගැන ප්‍රතිපත්ති ප්‍රකාශයට කරුණු ඇතුළත් කරන්න.” නාමල් කීය.

    “මහින්ද චින්තන වැඩ පිළිවෙල තමයි මේ රටේ ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ සාර්ථකම වැඩ පිළිවෙල. ඒ නිසා අපි දන්නව වැඩ කරන්නෙ කොහොමද කියල. මහින්ද චින්තනය ආශ්‍රය කරගෙන නාමල් ඇමතිතුමාගේ අදහසුත් අරගෙන නවීන ලෝකයට ගැලපෙන විදියේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදන්න. නිකං කරන්න බැරි පොරොන්දු ලියල කොළ පුරවන්න එපා.” පක්ෂ නිර්මාතෘ බැසිල්ද කීය.

    එම අදහස් අනුව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවශ්‍ය වෙනස්කම් සිදුකරනු ලැබීය.

    ප්‍රත්පත්ති ප්‍රකාශනය එළි දැක්වීම

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මේ සඳහා සහභාගී වූහ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැමිණියේ සියලුම දෙනාට කලිනි. තනාපති නිළධාරීන්ද මේ සඳහා සහභාගී විය.

    ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම නැටුම්, ගැයුම්,වැයුම් වලින් වර්ණවත් විය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පළමුව හාමුදුරුවරුන්ට පිළිගැන්වූ අතර අනතුරුව අනෙකුත් ආගමික නායකයන්ට පිළිගැනීවීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පිළිගැන්වූයේ ඉන් අනතුරුවය.

    “ජය පැරදුම කෝක වුනත්, ඔබතුමා දේශපාලනය දිනල ඉවරයි” නාමල්ට සුබ පතමින් බොහෝ පිරිසක් කියන්නට විය.

    මහින්ද වේදිකාවට එන දවස?

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ වේදිකාවේ නොමැතිවීම සම්බන්ධයෙන් දේශපාලන ලෝකයේ නොයෙකුත් කතාබහ පැතිර යයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනට පවත්වනු ලබන්නේ ආසන මට්ටමේ දේශපාලන රැළි පමණි. ඒ ආසනයට එක් රැළියක් වශයෙනි. ඒවාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවන අතර මෙම මස 10 වැනිදායින් පසුව පැවැත්වෙන දිස්ත්‍රික් මට්ටමේ රැළි සඳහා ඔහු සහභාගී වන මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී ආරංචි විය.

    දිස්ත්‍රික් මට්ටමේ එවැනි රැළි 20ක් පමණ පැවැත්වීමට පොහොට්ටුව සූදානමින් සිටින බවද වාර්තාවේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img