සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ උපාය මාර්ගිය සැලැස්ම අද (31) එළිදැක්වීය.
මෙම එළිදැක්වීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටලයකදී අද (31) පෙරවරුවේ පැවැත්වූ අතර මෙහිදී සර්වජන බලය නියෝජනය කරන පක්ෂ නායකයින් ඩිජිටල් සන්නස මත දෑත තැබීමෙන් පසු උපාය මාර්ගික සැලැස්ම ජනගත කෙරුණි.
මෙහි තේමාව වන්නේ, “එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” සර්වජන අදිටන් සම්මුතිය ලෙසය.
පිටු 66කින් සමන්විත මෙම උපාය මාර්ගික සැලසුම තුළින් ජාතික පුමුඛතා ලෙස අත්‍යාවශ්‍ය නිවැරදි කිරීම් ක්ෂේත්‍ර අටක් ඔස්සේ ඉදිරිපත් කර ඇත.
එනම්,
දූෂිතයන්ට දඬුවම් කිරීම
රණවිරුවන් සුරැකීම
පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම
ආර්ථික පරාධීනත්වය පිටුදැකීම
ගොවියා කර්මාන්තකරුවා මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය සුරැකීම
රාජ්‍ය යේ ස්වාධීනත්වය තහවුරු කිරීම
කුල පීඩාවන් අහෝසි කිරීම
සමාජය බිඳදමන කුමන්ත්‍රණ පරාජය කිරීම
ජන ජීවිතය වෙනස් කරන සර්වජන උපාය මාර්ගික සැලැස්ම කෙටුම්පත් දෙකක් යටතේ මහජන අදහස් ලබාගෙන වඩාත් ප්‍රායෝගික හා ප්‍රතිඵලදායක ලෙස විනිවිදභාවයෙන් යුතු අවසාන ජාතික උපාය මාර්ගික සැලසුමක් ලෙස ඉදිපත් කර ඇති බව ඔහු පෙන්වා දේ.
එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්, නිර්මාණය කිරීම සඳහා වන මෙම උපාය මාර්ගික සැලසුම පිළිබඳව ජනතාව තවදුරටත් අධ්‍යනයක් සිදුකර සිය දැක්ම වටා එක්වනු ඇති බව එහිදී අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා කියා සිටියේ ය.
සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය පහතින්.
dilith jayaweera manifesto