fbpx
තවත්
    මුල් පිටුවspecialයුක්‍රේනයට අලුතින්ම දුන් ප්‍රහාරයක යානයක් කඩාවැටෙයි

    යුක්‍රේනයට අලුතින්ම දුන් ප්‍රහාරයක යානයක් කඩාවැටෙයි

    spot_img

    ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් විසින් යුක්‍රේනයට ලබාදුන් නවතම F-16 ප්‍රහාරක ජෙට් යානයක් රුසියානු ඉලක්ක වෙත ප්‍රහාර දියත් කිරීමේදී කඩා වැටීමකට ලක්ව තිබේ.
    අදාල ප්‍රහාරක යානයේ නියමුවා අනතුරින් මරණයට පත්ව ඇති බවද යුක්‍රේන ආරක්ෂක අංශ නිවේදනය කර ඇත.
    මේ අතර F-16 ප්‍රහාර යානා ඉහළ කාර්යක්ෂමතාව පෙන්නුම් කරමින් ඇති අතර රුසියානු කෲස් මිසයිල හතරක් බිම හෙළා ඇති බවද යුක්රේනය සඳහන් කරයි.

    සිද්ධිය සම්බන්ධයෙන් යුක්‍රේනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ඊළඟ ඉලක්කය වෙත ළඟා වෙමින් සිටියදී එක් ගුවන් යානයක් සමඟ පැවති සම්බන්ධතාවය බිඳි ගියා. පසුව අනාවරණය වූයේ යානය කඩා වැටී ගුවන් නියමුවා මිය ගොස් ඇති බවයි,” යනුවෙනි.

    මෙම යානය අහිමි වීම යුක්‍රේනයට විශාල පාඩුවක් වී ඇති අතර දැනට යුක්‍රේනය සතුව F-16 ප්‍රහාර යානා හයක් පමණ පවතින අතර එම යානා මගින් රුසියානු ආක්‍රමණය මැඩපැවැත්වීමට විශාල සහයක් වනු ඇති බවට අපෙක්ෂිතය.

    රුසියාව විසින් යු‍ක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ යුක්‍රේනය සතු ගුවන් යානා විනාශය පත්විය. මේත සමඟ ඇමරිකාව ඇතුලු බටහිර රාජ්‍යයන් භාවිතා කරනු ලබන F-16 ප්‍රහාරක යානා ලබාදෙන ලෙසට යුක්‍රේන ජනාධිපතිවරයා ඉල්ලා සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රාහාරක යානා හිමිවිය.

    කෙසේවෙතත් මෙම යානාද දශක කීපයක් පැරණි යානා වන අතර එම යානා සිව්වන යුගයට අයත් වන අතර රුසියාවේ SU57 හා ඇමරිකා එක්සත් ජනපදය භාවිතා කරන F22 හා ඇමරිකාව ඇතුළුව නේටේ රාජ්‍යයන් භාවිතා කරන F35 පස්වන යුගයේ යානා වලට සාපේක්ෂව ඉතා පසුගාමී තත්ත්වයක පවතී.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img