fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මේ දවස්වල තමන්ගේ ප්‍රතිපත්ති හැදීම පැත්තක දාලා මාලිමාවේ එක කොපි කරනවා"

    “මේ දවස්වල තමන්ගේ ප්‍රතිපත්ති හැදීම පැත්තක දාලා මාලිමාවේ එක කොපි කරනවා”

    spot_img

    ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දිය හැක්කේ මාලිමාවට පමණක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

    හෙතෙම මේ බව කියාසිටියේ ‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ කන්තලේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ ද කීය.

    “ත්‍රීකුණාමල දිස්ත්‍රික්කය කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සමගිය නියෝජනය සංකේතවත් කරන දිස්ත්‍රික්කයක්. ඒ වගේම අපි ඉදිරිපත් කරලා තිබෙන සංවර්ධන සැලැස්මට අනුව මෙම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ඒ වෙනුවෙන් විශාල දායකත්වයක් දිය හැකි බව අපේ දැඩි සැලකිල්ලට ලක්වෙලා තිබෙනවා.
    අර පුළුවන් කියන නායකයයි, එයාගේ මාමයි එකතු වෙලා මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වටිනා ස්ථාන හා සම්පත් රාශියක් කුණු කොල්ලයට විදේශවලට විකුණා දමා තිබෙනවා. සමහර ඒවා විනාශ කර දමා තිබෙනවා. රනිල්ට බැරි බව මුළුරටම දන්නවා. ඒ නිසා තමයි පුළුවන් කියන කෑල්ල බලෙන්ම දාගෙන තිබෙන්නේ. අපේ ත්‍රිකුණාමලේ කන්තලේ තිබුණු සීනි කර්මාන්ත ශාලාව අක්කර 2500ක භූමි ප්‍රමාණයක්. ආසියාවේ විශාලම සීනි කර්මාන්ත ශාලාව බවට පත්කරන්න තිබුණු තැන. ඒක නැති කළේ කවුද? රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාසලාගේ හවුල් ආණ්ඩු. සුද්දා හදාපු තෙල් ටැංකි ටික අපිට විශාල සම්පතක්. ඒක අපට නැති කළේ කවුද? දැන් ඔය පුළුවන් කියන රනිල්ලාම තමයි. අද අපිට කොටසක් බැරි කරලා, ඉන්දියාවට කොටසක් කරන්න දීලා.

    අපේ ජාතික නිෂ්පාදන සැලැස්මේ බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේදී අපේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික ඉතා වැදගත්. එය යළි ප්‍රතිසංස්කරණය කර, ඔබට ප්‍රතිලාභ ලබාදීමට අපේ පාලනයක් තුළ අපි ඉක්මනින්ම පියවර ගන්නවා. අනෙක් අතට ත්‍රිකුණාමල වරාය අපේ රටට විශාල සම්පතක්. ඒකෙ පිහිටීම අතින් ලෝකයේම අති විශේෂ වරායක්. එකෙන් අපේ ආර්ථිකය ගොඩනැගීම සඳහා දායක කරගත හැකි අවස්ථාව අපට නැති කළේ කවුද? ඔය රනිල්ලා, රාජපක්ෂලා, ප්‍රේමදාසලා තමයි. ඒ වගේම ඉල්මනයිට් නිධිය මගින් එකතු කළ අගය මත නව නිෂ්පාදන ක්‍රමවේදයකට සකස් කරලා එම ඛනිජ සම්පතින් විදේශ විනිමය උපයා ගන්න තිබුණ අවස්ථාව අපේ රටට ලබා දෙන්න බැරි කළේ මේ පාලකයන් තමයි. අනුර සහෝදරයා ජනාධිපති වූ පසු ජනතාවගේ සහභාගිත්වයත් සමග නවීන තාක්ෂණය යොදා එම සම්පත වැඩිදියුණු කර, රටට විදේශ විනිමය උපයා ගන්න අපි සැලසුම් කර තිබෙනවා. කන්තලේ ගොවි ජනපද ව්‍යාපාරය වැනි මහ ගොවි ජනපද ව්‍යාපාර වැඩි දියුණු කරලා, අස්වද්දලා මේ ප්‍රදේශයේ ජනතාවට වගේම රටේ ජනතාවටත් ප්‍රතිලාභ අත්පත් කරලා දෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අපි සැලසුම් කර තිබෙනවා.

    පොහොර ටික, බීජ ටික, වතුර ටික වෙලාවට දෙනවා නම් මේ ප්‍රදේශය අස්වද්දලා රටේ ජාතික නිෂ්පාදනයටත් කොටසක් දායක කර දෙන්න සූදානම් බව අපි දන්නවා. මේ දේවල්වලින් ප්‍රයෝජනය ගන්න රනිල්ට, සජිත්ලට, රාජපක්ෂලාට බැහැ කියලා දැන් ඔප්පු කරලා හමාරයි. කිරි කර්මාන්තය ගැන කථා කරනකොට කන්තලේ කිරි කියලා කියන්නේ රට පුරාම ප්‍රසිද්ධ එකක්. ඒ විතරක් නොවෙයි, ධීවර කර්මාන්තය ගත්තත්, මිරිදිය ධීවර කර්මාන්තය කන්තලේ වැව හා ගොඩබිම් ජලාශ ආශ්‍රිතව තිබෙනවා. අනෙක් පැත්තෙන් කින්නියාව වගේ පැතිවලට යන කොට කරදිය ධීවර කර්මාන්තය කරනවා. ත්‍රීකුණාමලයට ගියත්, මුතූර්වලට ගියත් මාළු ටික, කරෝල ටික රටට සපයනවා. ඒ මහා මත්ස්‍ය සම්පත ආර්ථිකයට විශාල වටිනාකමක් එකතු කරන්න පුළුවන් එකක්. නමුත් මේ පාලකයෝ ඒවා සැලකිල්ලට අරන් නැහැ. ඒ ගොල්ලන්ට කරන්නත් බැහැ. දැන් පුළුවන් කිවුවාට එයාලට ඒක කරන්න බැහැ. දැන් ඒ ගොල්ලන්ගේ කාලය ඉවරයි. ඓතිහාසික වටිනාකමක් සහිත සංචාරක ස්ථාන, බෞද්ධ, හින්දු, ඉස්ලාම් පූජනීය ස්ථානවලින්ද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අඩුවක් නැහැ. ඒ ආශ්‍රිත විධිමත් සැලැස්මක් යටතේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හැකි වුණොත් අපේ රටට ඩොලර් උපයා ගැනීමේ හැකියාව ඒ තුළින් ලැබෙනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ අපි ඒ දේවල් කරන්න පුළුල් සැලසුම් හදා තිබෙනවා. ත්‍රීකුණාමලය කියන්නේ සංචාරක පුරයක් බවට පත් කරන්න පුළුවන් භූමි ප්‍රදේශයක්. ඒ අනුව අපේ රටේ ආර්ථිකයට විශාල පංගුවක් එකතු කරන්න ඒ මගින් පුළුවන්. මේක ඉතාම සුන්දර දිස්ත්‍රික්කයක්. ඒකෙන් රටට ප්‍රයෝජන අත්කර දෙන්න රනිල්ට බැහැ. සජිත්ටත් බැහැ. රාජපක්ෂලාටත් බැහැ. බැරි බව අමුතුවෙන් කියන්න දෙයකුත් නැහැ. ඔවුන් බැරි බව ඔප්පු කර හමාරයි.

    සමගි ජන බලවේගයට වැඩපිළිවෙළක් නැහැ. ඒ ගොල්ලෝ බලයට ආවොත් රට කරන්නේ කෙහොමද කියලා අසමින් සිටි අයගේ දැන් දෙකොණ පූට්ටු වෙලා. කට උත්තර නැතිවෙලා. දැන් ඒ ගොල්ලෝ තමන්ගේ ප්‍රතිපත්ති හැදීම පැත්තක තියලා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අල්ලාගෙන කියෝනවා. සමහරු පොටෝ කොපි ගහගෙන කියෝනවා. මේ දවස්වල අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය වැඩියෙන්ම ඩවුන්ලෝඩ් කරන්නේ සජබයේ කට්ටිය. ඒ ගොල්ලෝ අගෝස්තු 22වැනිදා ප්‍රතිපත්ති දාන්න බලාගෙන හිටියේ. ඒත් දැම්මෙ නැහැ. මේ දවස්වල අපේ එක බලාගෙන පිටපත් කිරීම කරනවා. අපි බලමු කවදාද ඒක එළියට දාන්නේ කියලා. ඒ ගොල්ලන්ට වැඩපිළිවෙළක් නැහැ. මේ කාටවත් එහෙම එකක් නැහැ. මේ රට ගොඩනගන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජනතාවට උරුම කර දිය හැකි විද්‍යාත්මක හා දියුණුව ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img