තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රිවිධ හමුදා ආහාර සළාක දීමනාව ජනවාරි සිට වැටුපට එක්කරයි

    ත්‍රිවිධ හමුදා ආහාර සළාක දීමනාව ජනවාරි සිට වැටුපට එක්කරයි

    ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ලබන ජනවාරි මස සිට ඔවුන්ගේ මාසික වේතනයට එක් කිරීමට නියමිත බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

    ආරක්ෂක අමාත්‍යාංශයේ අද (අගෝ. 29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ආහාර සලාක දීමනා ලබාදීමේ ක්‍රමවේදයේ වෙනස පැහැදිලි කිරීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

    ඒ අනුව හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ලබන ජනවාරි මස සිට ඔවුන්ගේ මාසික වේතනයට එක් කිරීමට නියමිත බවත්, එමගින් හමුදා සාමාජිකයින්ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වනු ඇතැයි ද ඒ ඔස්සේ මූල්‍ය විනිවිද භාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img