fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ක්‍රීඩකයෙක් රටේ ජනාධිපති කරන්න තියෙන අවස්ථාව මගහරින්න එපා"

    “ක්‍රීඩකයෙක් රටේ ජනාධිපති කරන්න තියෙන අවස්ථාව මගහරින්න එපා”

    spot_img

    ක්‍රීඩකයෙක් රටේ ජනාධිපති ධුරයට පත්කිරීම සඳහා ඇති අනගි අවස්ථාව මග නොහැර ලබන 21 වැනිදාට නාමල් රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත් කරන්නැයි මෙරට සියලුම ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටින බව ආසියානු රන් පදක්කම්ලාභි මලල ක්‍රීඩකයකුවන රංග විමලවංශ මහතා පැවැසීය.

    කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (29) දහවල් රංග විමලවංශ මහතා මෙම ඉල්ලීම කළේය. ඔහු සමඟ මෙම මාධ්‍ය හමුවට මීටර් 400 ශූරයකු වන හර්ජන් රත්නායක, දැල්පන්දු ආසියානු ශූරතාව මවුබිමට දිනා දුන් දමයන්ති ජයතිලක ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් එක්ව සිටියහ.

    මලල ක්‍රීඩක රංග විමලවංශ මහතා මෙසේ ද කීවේය.

    “මම රංග විමලවංශ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් නියෝජනය කරපු ආසියානු රන් පදක්කම් කිහිපයක් ලබා ගත්ත මලල ක්‍රීඩකයෙක්. සැප්තැම්බර් 21ට එළැඹෙන ජනාධිපතිවරණයට පළමු වතාවට ක්‍රීඩකයෙක් ඉදිරිපත් වෙලා තියෙනවා.රටේ ජනාධිපති ක්‍රීඩකයෙක් උනොත් ඒක රටේ ක්‍රීඩාවට බලපානවා කියලා අපි විශ්වාස කරනවා.

    මෙවර ඔලිම්පික් උළෙල ගත්තොත් ලෝකයේ වැඩිම පදක්කම් තියෙන අමෙරිකාව, චීනය, ජපානය, ඒ රටවල් කොහේද ඉන්නෙ ? එයාලා ක්‍රීඩාවේ වගේම ආර්ථික වශයෙනුත් ඉහළින් ඉන්නවා. ක්‍රීඩාව ඉහළ තැනක තියෙනවා කියන්නෙ ඒ රට ආර්ථික වශයෙනුත් ඉදිරියට යනවා.

    නාමල් රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් අපි ඉදිරිපත් වෙන්නෙ හේතුව තමයි ඔහු ක්‍රීඩකයෙක් ක්‍රීඩා ඇමතිවරයෙක් විදියට මේ රටේ ක්‍රීඩාව ඉහළ නංවන පැහැදිලි වැඩපිළිවෙලක සිටියා. මලල ක්‍රීඩාව වෙනුවෙන් සින්තටික් ට්‍රැක් පහක් හදන්න ඕනි. ගෘහස්ත මීටර් 200 ධාවන පථයක්, අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාංගණයක් මේ රටේ හැදෙන්න ඕන. කියන අදහසක් ඔහුට තිබුණා.

    හැම ගෙදරකම මලල ක්‍රීඩකයෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නවා. නිවාසාන්තර මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවන ඔය ඕනම කෙනෙක්. පොඩි දරුවො ඉන්නවා නම් ඒ අය ක්‍රීඩා කරනවා. සමහර වෙලාවට ඉන්නවා අම්මලා තාත්තලා හොඳ මලල ක්‍රීඩකයො නැත්නම් වෙනත් අංශයක ක්‍රීඩකයො. ඒ නිසා ක්‍රීඩකයො විදියට මේ අවස්ථාවේ නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති ධුරයට පත්කිරීමේ අවස්ථාව මගහැර ගන්න එපා.

    මලල ක්‍රීඩාව,ක්‍රිකට්, රගර්, දැල්පන්දු, පාපන්දු, වොලිබෝල්, හොකී , පැසිපන්දු ඇතුළු මේ ඕනෑම ක්‍රීඩාවක් මේ රටේ නැතිවෙයි කියලා හිතුවා නම් ඒ සිතිවිල්ලට වඩා මේ ක්‍රීඩා රටේ දියුණුවෙයි කියන බලාපොරොත්තුව අපට නාමල් රාජපක්ෂ මැතිතුමා යටතේ ඇති කරගන්න පුළුවන්.

    මේ ක්‍රීඩාවල ජාත්‍යන්තර තරග ලංකාවේ පවත්වන පරිසරයක් එතුමා ඇති කරයි කියලා විශ්වාසයක් අපට තියෙනවා. එහොම උනාම විදේශිකයන්ගේ පැමිණීම වැඩිවෙනවා. සංචාරක කර්මාන්තය දියුණු වෙනවා. ඩොලර් ගැටලුවට විසඳුමක් එනවා.
    මේ රටේ නායකයා රගර් නායකයෙක් වීම ලෝකයට විශාල පණිවුඩයක් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයා විදියට කටයුතු කරද්දි ලංකාව පුරා ඇවිදින මංතීරු නිර්මාණය උනේ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට බව අපි හොඳින්ම දන්නවා.

    එතුමාගෙන් රටේ ක්‍රිඩාවට පමණක් නෙමෙයි ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය උසස් තැනක තබාගන්න වටපිටාවක් නිර්මාණය කිරීමත් සිදුවෙන බව අපට විශ්වාසයි. අනෙකුත් අපේක්ෂයන්ට වඩා අපට විශ්වාස මෙතුමා. ඔහු කුඩා කළ සිට අප සමඟ ක්‍රීඩා කළා. නිතර හමුවෙනවා. එතුමා අභියෝග බාරගන්න නායකත්ව ලක්ෂණ තියෙන පුද්ගලයෙක්. එ නිසා අනෙකුත් අපේක්ෂකයන්ට වඩා මේ රටේ අභියෝගයත් නාමල් රාජපක්ෂ මැතිතුමා ජය ගනියි කියන විශ්වාසය අපට තියෙනවා.

    අපි එහෙම කියන්නෙ රටේ ක්‍රීඩාව ඉහළට එසවෙනවා කියන්නෙ මුළු රටම ඉහළට එසවෙනවා කියන එකයි.ක්‍රීඩකයො කියන්නෙ ජාතියක් සතුටින් තියන්න පුළුවන් කොට්ඨාශය. ඒ නිසා අද අපි ආරම්භයක් ගත්තා. ඔබත් ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් නම් මේ අවස්ථාව මගහරින්න එපා කියලා ඉල්ලනවා” යැයි විමලවංශ මහතා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img