තමා තඹුත්තේගම මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක බස් රථයක් ලබා දි පැය 48ක් යාමට පෙර කයිය නායකයෝ ටික තමාට බස් මෑන් යනුවෙන් නම් පටබැඳි බවත් 76 වසරක ප්රජාතන්ත්රවාදී ඉතිහාසය තුළ ප්‍රථම වතාවට මෙරට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රටට සේවයක් කළ බවත් සක්වල හා හුස්ම වැඩසටහන් තුළින් පාසල් පද්ධතියට අගයක් එකතු කළ බවත් එම ප්‍රමාණය රුපියල් බිලියනයකට ආසන්න බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රට ගොඩගන්න කයිය නායකයන්ට නොව වැඩ කරන නායකයන්ට පුළුවන් බවත් කයිය නායකයෝ දන්නේ කයිවාරු ගහන්න මිස වැඩ කරන්න නොවන බවත් තමාට වැඩ කරන්න පුළුවන් හොඳම ශක්තිමත් හා බුද්ධිමත් කණ්ඩායම තමා සතුව සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ දාහතර වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (25) තඹුත්තේගම නගරයේ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.
කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් ගුණාත්මකභාවයෙන් ඉහළ බීජ ලබා දෙන බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොරත් ලබා දෙන බවත් කිලෝග්‍රෑම් 50 මිටිය රුපියල් 5000කට ලබා දෙන්න කටයුතු කරන බවත් රසායනික තෙල් දරාගත හැකි මුදලකට ලබා දෙන බවත් තෙල් පොහොර ටික ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා වංචාවකින් දූෂණයකින් තොරව එම යෙදවුම් ලබා දෙන බවත් ඊට අමතරව ඉන්ධන සහනයක් ද ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
ගොවි ජනතාව පාස්කු ප්‍රහාරය, කොරෝනා කොවිඩ්, නැනෝ පොහොර වංචාවෙන්, කාබනික පොහොර හොරකමින් පසුව දැවැන්ත කඩා වැටීමකට ලක් වූ බවත් ඔවුන්ගේ දේපල උගසට තබා කණකර උගසට තබා වගා කළත් අද වන විට මේ පිරිස ණය බරින් මිරිකී ඇති නිසා එම වගා ණය ද කපා දමන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආණ්ඩුවේ ගජමිතුරු කෝටිපතියන්ගේ සුපිරි සල්ලිකාරයන්ගේ ණය කපා හරින්න පුළුවන් නම් අහිංසක ගොවියාගේ ණය ද කපා හැරිය හැකි බවත් සුපිරි පොහොසතාට පමණක් නොව ගොවියාට ද රටේ සමාන තැනක් හිමිවිය යුතු බවත් අනීතිකව ගජමිතුරු සම්බන්ධතා නිසා කපා හැරි එම ණය නැවත අය කරවා ගන්නා බවත් එම ණය අය කරවාගෙන ගොවියාගේ ණය කපා හරින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලින් ජනතාව මුදවා ගන්නා බවත් ඊට අමතරව ගොවි ජනතාවට වගා කිරීමට, නව තාක්ෂණ උපකරණ ලබා ගන්න සහනදායී මුදලට ණය ලබා දෙන බවත් ඊට අමතරව සුහුරු ගොවියා නිර්මාණය කරන බවත් දශලක්ෂයක් නව ව්‍යසායකයන් නිර්මාණය කර රැකියා විරහිත තරුණයන්ට දරාගත හැකි පිරිවැයකට ප්රාග්ධනය ලබා ගත හැකි ප්‍රවේශය නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.