fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සජීවී සංවාදයකට රනිල්ගෙන්, සජිත් සහ අනුරට අ‍භියෝගයක්

    සජීවී සංවාදයකට රනිල්ගෙන්, සජිත් සහ අනුරට අ‍භියෝගයක්

    spot_img

    ජනාදිපතිවරණයේ සිය ප්‍රතිවාදී අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ තමාද එක්වන සජීවී වීඩියෝ සාකච්ඡාවකට ඇරයුම් කර තිබේ.

    ඒ අද සිරිකොතදී පැවති එක්සසත් ජාතික පක්ෂ සමුළුවේදී ය.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ වන කොන්දේසි වෙනස් කරන බවට එම ජනපති අපේක්ෂකයන් දෙදෙනා විසින් පැවසීම ජනතාව නොමඟ යැවීමක් බවත් ඒ වෙනුවට මහජනතාවට සත්‍යය ඉගෙන ගත හැකි පරිදි IMF සමඟ විවෘත සාකච්ඡාවකට එක්වන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේය.

    සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (25) එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයේදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීම වෙනුවෙන් වූ යෝජනාව සම්මේලනයට ඉදිරිපත් කළේය.

    එය පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක විසින් ස්ථීර කිරීමෙන් අනතුරුව සම්මේලනය සදහා පැමිණ සිටි පිරිස ද එම යෝජනාව සදහා දෑත් ඔසවමින් එගකත්වය පලකරනු ලැබීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. In our country problems are not solved. Apart from the IMF solution there are so many things to be done to solve country problems. The export income to be improved In a large extent. In this country plants are easily cultivated. For example In this country Rice should not be imported it should be exported to do that the Gov officials and politicians should help cultivation sector fruits also can be cultivated largely and export. In our country Gems are found Graphite minerals are there it is essential for modern industries ocean us all around and ocean is a good source of energy producing sea waves and the wind power is extensive around coastal areas. There is a natural harbour trincomalee and it should be a main harbour and it is very close to India china and other big countries. All factors are there but why Sri Lanka don’t achieve it’s target is a world wonder. Our politicians from all past Gov. Did not rule the country wisely they did not have strategy. All the Gov officials and MPS and provincial authorities should be directed to solving country problems searching problems and solving rather than waiting problems to get noted. From Shantha Heiyantuduwa

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img