fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික කොංග්‍රසය, දේශප්‍රේමී ජන බලවේගය ජනපති සමඟ එක්වෙයි

    ජාතික කොංග්‍රසය, දේශප්‍රේමී ජන බලවේගය ජනපති සමඟ එක්වෙයි

    spot_img

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්ව ඇත.

    ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා ඇතුළු එහි නියෝජිතයන් පිරිසක් අද (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මේ පිළිබඳ නිල වශයෙන් දැනුම් දුන්නේය.

    මෙරට ජන වාර්ගික ගැටලුව විසඳීමට නම් රට තුළ ආර්ථික සහ දේශපාලන ගැටලු විසඳීම අත්‍යාවශ්‍ය බව මෙහිදි පෙන්වා දුන් ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ කෙරෙහි තමන් තුළ විශ්වාසයක් ඇති බවත් එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවත් සඳහන් කළේය.

    මෙරට ජනවාර්ගික ගැටලුව විසඳීමට අදාළව ජාතික කොංග්‍රසයේ අදහස් ඇතුළත් යෝජනාවලියක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

    එසේම එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව දේශප්‍රේමී ජන බලවේගය පක්ෂය ද ප්‍රකාශ කරයි.

    එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (14)ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මේ පිළිබඳ දැනුම් දුන්හ.

    බිඳවැටුණු මෙරට ආර්ථිකය, නිතිය හා සාමය ස්ථාපිත කිරීමට පසුගිය වසර දෙකක කාලය තුළ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ අගය කරන බවත්, මින් ඉදිරියට ද රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාගේ නායකත්වය අවශ්‍ය බවත් සුගත් හේවාපතිරණ මහතා පෙන්වා දුන්නේය.

    ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණයේ දි තම පක්ෂයේ අනුබද්ධ සංවිධාන සහ සමස්ත සාමාජිකත්වය එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් කැපවි කටයුතුකරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img