fbpx
තවත්
    මුල් පිටුවspecialපින් තකා දුන් 'මත් ටොපිය' නවසීලන්තය කළඹයි

    පින් තකා දුන් ‘මත් ටොපිය’ නවසීලන්තය කළඹයි

    spot_img

    නවසීලන්තයේ පොලිසිය විසින් එරට ඕක්ලන්ඩ් හි පුණ්‍යායතනයක් බෙදාහරින ලද ” මෙතම්ෆෙටමින්” මත්ද්‍රව්‍ය අඩංගු ටොපි තොගයක් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

    අදාල පුණ්‍යායතනය විසින් බෙදූ ආහාර පාර්සලයක මෙම මත්ද්‍රව්‍ය අඩංගු ටොපි තිබී ඇති අතර එම පාර්සල් 400 දෙනෙකුට පමණ බෙදා ඇති බවද එම පුණ්‍යායතනය පවසයි.

    මත්ද්‍රව්‍ය අඩංගු ටොපි තොගය එම පුණ්‍යායතනය වෙත නිර්නාමික පරිත්‍යාගයක් ලෙස ලැබී තිබේ.

    ඒ අනුව මෙම ටොපි ආහාරයට ගත් කළ කුඩා දරුවෙකු ඇතුළුව පුද්ගලයින් තිදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර යොමුව ඇති බවට මේවන විට වාර්තාවේ.

    නවසීලන්ත පොලිසිය පවසන අන්දමට මෙම එක් ටොපියක් නවසීලන්ත ඩොලර් දහසක වටිනකමකින් යුක්තය.

    කෙසේවෙතත් මෙම ටොපි තොගය ලබා දීම පිටුපස යම් කඩාකප්පල්කාරී අරමුණයක් පවතින්නේද යන්න තවමත් සනාථ කළ නොහැකි බවද නවසීලන්ත පොලිසිය සඳහන් කරයි.

    අදාල පුණ්‍යායතනය වෙත ඔවුන් බෙදාදුන් ටොපි වල අසාමන්‍ය රසයක් තිබෙන බවට එම ටොපි ආහාරයට ගත් කිහිපදෙනකෙු දැණුවත් කර ඇති අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සොය බැලීමට ආයතනයේ සාමාජිකයින් කීපදෙනෙකුද ටොපි ආහාරයට ගෙන තිබේ.

    එහිදී ඔවුන් හටද අසාමන්‍ය රසයක් දැනීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර ටොපිවල සාම්පල් නවසීලන්ත මත්ද්‍යවය පදනමේ බලධාරීන් වෙත යොමුකර තිබේ.

    එහිදී සිදුකළ පරීක්ෂා වලදී අනාවරණය වී ඇත්තේ අදාල ටොපි වල මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය විශාල වශයෙන් අඩංගුව පවතින බවයි. එමෙන්ම මෙම එක් ටොපියක් තුල මෙතම්ෆෙටමින් ග්‍රෑම් 3ක් පමණ පවතින බවටද බලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.

    එම පදනම සඳහන් කරන්නේ සමාන්‍යයෙන් මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය වශයෙන් භාවිතා කරක එක් අවස්ථාවකදීද ඇත්තේ මිලි ග්‍රෑම් 10ත් 25ත් අතර ප්‍රමණයක් බවයි. ඒ අනුව මෙම රසකැවිල්ලක් තුල සාමාන්‍ය මත්ද්‍රව්‍ය වශයෙන් භාවිතා කරන ප්‍රමණය මෙන් 300 ගුණයක් මත්ද්‍රව්‍ය පවතින බවයි.

    ඒ අනුව නවසීලන්ත පොලිසිය විසින් කහපැහැති දවටනයක් අන්නාසි රසැති ටොපියක ස්වරූපය ගත් මෙම මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු වහාම දැනුවත් කරන ලෙසත් එම ටොපි ආහාරයට නොගන්නා ලෙසටත් විශේෂ නිවෙදනයක් යොමුකිරීමටද පියරගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img